Must Read

Sunday, November 6, 2016

සීත වස්සානයේ ....

සීතල වස්සානයේ...
මහා දොබගෙඩි වරුසා
මාහා හඩකින් කඩා
වැටුනද...
නිමක් නැති වේදනා...
කදුලූ... නොපෙනීයන්නට...
මදිව තැවෙනු ඇත...
මගේ සිත...
ගතේ හිරිගඩු පිපෙන...
සිසිලස වේදනා දුන්නත්...
ඉදිකටු ඇනෙන්නා සේ
මදිය ඒ වේදනා...
සිතේ ඇති වූ...
කීරි ගැහෙනා
වේදනා නිවන්නට...
ගලා බසිනා ගුරු පැහැ
දිය දහරා...
පස් තට්ටු රූරා
ගෙනගියත්...
සෝදා...
නොහැක සෝදා හැරුමට...
සිතේ ඇති වූ සෝක සoකා...
ඔව්... අමතකව යයි දිනක...
මා පරව ගිය විටෙක...
සේදීලා යයි පහව...
මා සොහනේ වූ දිනක...
පස් වලට යට වේවී...
මේ කදුලූ ගී දිනෙක....
පිපෙයි සුදු වතුසුද්ද..
කදුලු පොහොරෙන් පිහිට....

0 comments:

Post a Comment

Copyright © 2016 ස්වර්ණමා All Right Reserved