Must Read

Friday, November 4, 2016

මගේ පු0චි රෝස මලේ..

ඇය නමින් සදරේණූ. ඇයට තවම විසි එකයි... හරිම හැඩකාර කටකාර හුරතල් සදරේණූ අම්මගෙයි තාත්තගෙයි එකම දූ.... ඒත් සදරේණූ ගේ තාත්තා නැති වුනේ සදරේණූ අම්මගේ කුසේ ඉන්නැද්දිමයි.. එතකොට සදරේණූ ගේ ලොකු අයියට අවුරුදු පහළොවයි... පොඩි අයියට අවුරුදු දොළහයි... සදරේණූට අවුරුදු පහ පිරෙද්දී ම ලොකු අයියා රට ගියේ මුලු පවුලෙම බර කරට අරන්... පවුල ගැන සිතනවා හැර ඔහුට වෙනත් දෙයකට වෙලාවක් තිබුනේම නෑ... සදරේණුට එයාගේ ලොකු අයියයි පොඩි අයියයි තාත්තලා දෙන්නෙක් වගේ...ඒ නිසාදෝ සදරේණූට කිසිම දේකින් අඩුවක් පාඩුවක් නම් තිබ්බේ නෑ... සදරේණූගේ අයියලා දෙන්නා සදරේනූට වඩා බොහෝ වයසින් වැඩි නිසා සදරේණූ ඔවුන් දෙන්නගෙත් ඇස් දෙක මෙන් වුණා.. බොහෝ අවස්තා වල ඔවුන් සදරේණූව සැලකුවේ තම නැගනියට මෙන් නොව තම දියණියකට මෙන් සෙනෙහසින්... කාගෙත් ආදරේ දිනා ඉන්න සදරේණූ ගමේ වුනත් පන්සලේදි වුනත් කොතැන වුනත් කැපි පෙනුනේ ඇගේ රූසපුවත් නිසාම වෙන්න ඇති....

ඔහු නමින් අකලoක.... ඔහු සදරේණූ ට වඩා විසි වසරක් පමණ වැඩිමහලුයි... අවුරුදු හතලිහක් වයස වුවත් ඔහුට තිබුනේ අවුරුදු තිහක තිස දෙකක පෙනුම... ඔහු ඇගේ ලොකු අයියාගේ හොදම යහලුවා සේම පවුලේත් බොහෝම සමීප හිතවතෙක්... සදරේණූ ත් ඔහුත් සමග බොහෝ කුලුපගයි..  අකලoක දේමාපියන් නොමැති පලමු විවහායෙන් මාස කිහිපයකින් වෙන් වූ අයෙක්.. බොහොම තරුණ වයසේදී ගත් වැරදී තීරණයක් නිසා අකලoක අදටත් හිතෙන් විදවනවා...පළමු විවහයෙන් ඔහු විදි දුක් එමටයි... ඒ කළු පැල්ලම ඔහුගේ ජිවිතේම අදුර කර වදදෙනවා... ඔහු බොහෝ විට හිත හදාගෙන සිටින්නේ ආගම දහමටම අනුව කටයුතු කිරිමෙන්..  සෑම දිනකම භාවනා අසපුවට ගොස් පැයක් පැය භාගයක් භාවනා කිරිම ඔහුගේ දයිනික දින චරියාවේ කොටසක් වෙලා දැනටමත්... දොහොත් මුදුන් තබා බුදුන් වැද ඔහු ඔහුගේ තනි වුන ජීවිතයට සහනයක් පැතුවා...

සදරේණූ ගේ නිවස තිබුනෙත් භාවනා අසපුව අසලමයි... ඉතින් සදරේණූ ත් හැකි සෑම විටෙකට භාවනා අසපුවට ආවේ තම යහලු යෙහෙලියන් සමගින් අල්ලාපසල්ලාපයේ යෙදෙන්නටත් මලක් පූජා කොට ඊලග ආත්මයේ ලස්සන මුහුණක් ලැබිමටත් සිත් දැරි කරගෙන.... ඒ ඇගේ ළපටි සිතය... ලස්සන වෙන්නට ඈ පෙරුම් පුරන්නීය... කොතෙක් ලස්සන මුහුණක් තිබුණත් ඇයටමදිය. ඈ දකින ලොකුම සිහිනය වන්නේ සුදු අසු පිටින් පැමිණි ලස්සන කුමාරයෙකු ඈ කැන්දාගෙන යන තුරුය... ඈ ජිවත් වන සුරන්ගනා ලෝකයට අකලoක ගේ ලොවට සමීපවන්නටද අපහසුය...

දෙදෙනා අතර කොපමණ වැටකඩොලු මායිම් තිබුනත්.... ආදරේ අන්දයි කියමන නැවත වරක් සපත් කරමින් අකලoක සදරේණූ ආදරයෙන් බැදුනේ කාටත් හොර රහසේය... එතැන් සිට සදරේණූ ගේ මුළු ලෝකයම වූයේ අකලoක ය... අකලoක ටත් ඔහුගේ මුලු ලෝකයම වූයේ සදරේණූ ... ඔහුගේ පාලූ වී ගිය කලුවර අහසට සදරේණූ සදක්ම විය.... දවස් කෙමෙන් කෙමෙන් ගෙව්නේ කාටත් නොදැනීය.... නමුත් මේ රහස කාගෙත් ප්‍රසිද්ධ රහසක් බවට පත්වන්නට ගියේ බොහොම ටික කාළයක්... කොයිතරම් නම් රහසේ ආල කලත් ගමේ ගැහුනුන්ගේ ඇස් වසන්නට ඔවුන්ට නොහැකි විය. ගමේ එක් ගැහැනු කටක් ඔවුන්ගේ ආදර අන්දරය සදරේණූ ගේ මවගේ කන තැබුවාය... මව මේ පිලිබද ලොකු අයියාව දැනුවත් කරේ තම ලොකු පුතු පවුලේ ප්‍රදානියා මෙන් නිසා... මේ පිළිබද දැනගත් විගසම ඔහු ලන්කාවට පැමිනියේ තම සියලු රාජ කාරි මග නතර කොට... සදරේණූ අකලන්ක ආදරයට කණ කොකා හඩන්නට වූයේ එතැම් සිටය.

"සදරේණූ මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනේ.." ඒ ලොකු අයියාය...
"ඇයි ලොකු අයියේ..."
"ඇවිත් මේ පුටුවෙන් ඉදගන්න..."
සදරේණූ සෙමෙන් පැමිණ පුටුවෙන් හිදගත්තා...
"ඇයි මගේ ලොකු අයියේ..."
"ඔයාගේ ලොකු අයියගේ ඔලුවේ අත තියලා දියුරන්න පොඩ්ඩි අයියා කියන ඔනේම දේකට කැමති වෙනවා කියලා"
"කියන්න ලොකු අයියේ ඇයි මේ..." සදරේණූ ගේ පපුව ගැහෙන්නට විය... ලොකු අයියා මේ කියන්න යන්නේ අකලoක අයියා ගැනවත් ද... ඇගේ සිත විපක්ශිත විය...
"පොඩ්ඩී අයියගේ ඔලුවේ අත තියල දියුරන්න අකලoක යගෙයි ඔයාගෙයි සම්බන්දෙ නවත්තනවා කියලා... නැවත්තුවේ නැත්නම් මේ ලොකු අයියා නරක මිනිහා කියන්න එපා"

හිතේ තිබූ විශාල කෙන්තියක් පුපුරා ගියා සේ ඔහු ගෝරනාඩු දෙන්නට විය...
"ඇයි මගේ අයියේ අකලoක අයියගේ අඩුව  මොකක්ද..." සදරේණූ වැලපෙන්නට විය....

"අඩුව.... අඩුව මොකක්ද අහන්නේ උබ කියන්නේ කසාදය කඩන් ආපූ එකෙක්ට උබව දෙන්න කියලද... අනික ඌගේ වයස කීයද උබේ වයස කීය ද... ඌ මටත් වඩා අවුරුදු ගානක් වැඩිමල්.. ඒ නාකියා එක්ක යන්න උබට මේ රටේ කොල්ලෝ නැද්ද... උබට තාම විසි එකයි... උබට වඩා අවුරුදු විස්සක් වැඩිමල් ඌ.." ඔහු දත් මිටි කන්නට විය...
"අනේ මගේ ලොකු අයියේ..." සදරේණූ ඔහුගේ දෙපා අල්ලා වැදවැදෙන්නට විය... වේගයෙන් අත ඔසවා පහරක් දෙන්නට හැදුවත් තම දුවකට මෙන් ආදරය කරන තම නන්ගීට අත ඔසවන්නට ඔහුට නොහැකි විය. එසැවුන අට වේගයෙන් ගොස් ජනලයේ වීදුරුව කඩන් ගියේ නිමේශයකිනි.. අතෙන් ලේ බේරෙන්නට විය... සදරේණූ මහ හඩින් හඩන්නට විය...

"අනේ ලොකු අයියේ මේ මොකද කලේ... රිදෙනවද ගොඩක්..." හීයක වේගයෙන් නැගි සිටි සදරේණූ තම අයියාගේ දෑත අල්ලන් හඩන්නට විය...
වීදුරුව කැඩෙන හඩින් අම්මා ද එතැනට දුව එන්නට විය...
"මොකක්ද ලොකු පුතේ ඔය කරගත්තේ.. යමු ඉක්මනට බෙහෙත් දාගන්න."

"ඕනේ නෑ අම්මා.. මීට වඩා මගේ හිත රිදිලා තියෙන්නේ.."
"අනේ මගේ ලොකු අයියේ මන් පොරොන්දු වෙනවා මන් කවදාවත් ඔයා කියන දේකට පිටින් යන්නේ නෑ...මන් පොරොන්දු වෙනවා..." සදරේණූ තම අයියාගේ ලේ වැගිරෙන අත තම හිස මත තබා ගනිමින් දියුරන්නට විය...!
"යමු මගේ අයියේ බෙහෙත් දාගන්න.."
"පොරොන්දු වෙනවද ආයිත් අරූව ඔලුවට ගන් නෑ කියලා..."
"ඔව් අයියේ මන් පොරොන්දු වෙනවා... මට අකලන්ක අයියා එපා... මට ඕනේ මගේ අයියා... මට අකලන්කව ආත්ම සීයකටවත් එපා... මගේ ලොකු අයියවයි මට ඕනේ.."
ඈ වැලපෙන්නට විය...
"මගේ නන්ගි මන් දන්නවා ඔයා මන් කියන දේට පිටින් යන් නෑ කියලා..." ලොකු අයියා තම නන්ගීව ලේ වැගිරෙන දෑත් පිටින්ම බදාගනිමින් සිබින්නට විය.... ඒ දුටු අම්මාගෙද දෑස් කදුලින් තෙත් වන්නට විය....
"යමු අයියේ දැන් බෙහෙත් දාගන්න"
ඔහු සදරේණූ ගෙ හිස සිම්බාය...

මේ සිදුවූ කිසිවක් නොදන්නා අකලන්ක සදරේණූ  අමතන්නට විය.. ඇගේ දුරකථනය ඇමතුවේ ලොකු අයියාය...

"බල්ලා... කාපු බත් පතටත් අපහාස කරා නේද තෝ... තොට දෙන්න ගෑණූ නෑ බල්ලෝ මෙහේ...  වයසට හරියන ගෑනියෙක් හොයා ගනින්.. ආයිත් මේ පැත්ත පළාතේ පය ගැහුවොත් හතර හන්දි කඩනවා තොගේ..."

"ලොක්කා පොඩ්ඩක් ඉන්න.. මන් පැහැ.."

"පැහැ... මොන පැහැ ද...නාකියා..  උබ මගේ නන්ගි දිහා අපහු ඇහක් හරි ඇරල බැලුවොත් උබ මන් නරක මිනිහා කියන්න එපා..."

දුරකථනය විසන්දි හෝ නොකර වේගයෙන් ඔහු පොළවේ ගැසුවේය..
අකලන්කට මේ සිදුවූ දෙය හීනයක් මෙන් විය. කරන්නේ කුමක්ද... කියන්නේ කාටද වෙන්නේ කුමක්ද හෝ යන වගක් ඔහුට තේරුනේ නැත... පිස්සෙකු මෙන් ඔහු වැලපෙන්නට විය... ඔහුගේ දුක අහන්නට හෝ කවුරුත් ඔහු අසල සිටියේ නැත. නොකා නොබි දින ගණනාවක් ඔහු හඩන්නට විය.. පිරිමියෙකු නොහඩනා අයුරින් ඔහු වැලපෙන්නට විය.

සතියක් පමණ කාලයක් එසේ ගෙවී යන්නට විය.  සදරේණූ සහ ඇගේ පවුල ඇයගේ අයියා සමගින් රට යන්නට සියල්ල සූදානම් කරන්නට විය.
දිනක් අකලන්ක උන්මත්තකයෙකු මෙන් සදරේණූ ගේ නිවසට ආවේ කනස්සල්ල ආවෙගයකට පෙරලා ගනිමිනි...

"සදරේනූ මෙහෙ වරෙන් යමු මන් එක්ක.." ඔහු ගෝරනාඩු දෙන්නට විය... ඔහුගේ හඩින් යක්ශාවෙශ වූ ලොකු අයියාත් පොඩි අයියාත් හොද හැටි ඔහුට තඩිබාන්නට විය..

"අකලන්ක අයියේ.. ආපහු මෙහෙ එන්න එපා.. මන් ඔයාට ආදරේ නැහෑ. ආපහු ඔයාට ආදරේ කරන්නෙත් නැහැ.. ඔයාගේ මූණ බලන්නවත් මන් කැමති නැහැ... අඩු තරමේ ඔයාව හීනෙන් වත් මන් දකින්නේ නෑ... ඒ නිසා කරුනාකරලා මෙතනින් යන්න.. පව් නොදී..."
සදරේණූ තම සහෝදරයන්ව වලක්වා අකලන්ක හට කීවාය... ඒ ඇසූ ඔහු ඉබේම දන නැමි බිම හිදගැනුනාය.

"සදරේණූ...." ඔහු බොහෝ අසරණ ව ඇය දෙස බැලුවේය. ඈ කාමරය ඇතුලට වැදුන්වෙ කිසිත නොඇසුනා මෙනි...

"දැන් ඇහුනනේ දැන් පල... අතක් පයක් කඩලා දාන්න කලින්...."

ලොකු අයියාගේ පා පහරෙන් ඔහු තල්ලු විය.. ඔහුගේ ලෝකයම විනාශ වූවා මෙන් දැනෙනට විය... පරාජිතයෙකු ලෙස ඔහු පිටවන්නට විය.

කාළය කෙමෙන් ගෙවීයන්නට විය... ඔහු තවමත් තනිකඩය.. සදරේණූ ලා වෙනත් රටකය... මේ ලගකදි ඇගේ ෆේස් බුක් පිටුවේ දමා තිබුනේ ඈ විවහා ගිවසගත් බවයි. ඈ බොහෝ සතුටින් ඒ චායාරූප වල සිටියාය.  ඔහුගේ සිත කීරී ගැහුනා මෙන් විය.. ඔහු සෙමෙන් මෙසේ මුමුනන්නට විය


මගේ පුන්චි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා

කලුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නවානම්
ආසයි මන් නොකී කවිය
ඔබට කියන්න
තරහක් නෑ නුඹ බැස යන්න

මගේ පුන්චි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා

මගේ පුන්චි නවාතැනේ
ඇවිදින් සැරිසරනව නම්
ආසයි මන් කවුලු පියන්
ඇරලා තියන්න
තරහක් නෑ නෑවිත් ඉන්න

0 comments:

Post a Comment

Copyright © 2016 ස්වර්ණමා All Right Reserved