Must Read

Wednesday, August 3, 2016

"නිර්මාල්"... THE STORY OF A BOY - 09

****************************උපුටා ගැනීමෙන් වලකින්න*********************************

ඔහු කඩවසම් තරුණයෙකි.. උරුමය පොහොසතෙක් වන්නට වුවත් දෛවය ඔහුව මෙහෙ කාරයෙක් බවට පත් කොට ඇත. නමුත් තම උරුමය සෙවීම ඔහුගේ යටි හිත තුළ නළියයි.. ඒත් දෛවය ඊට භාදක රැසක් පමුණුවයි. ඔහු සටන් කරන්නේ ඔහුගේ උරුමය වෙනුවෙනි. තවත් පැත්තකින් ඔහුට ආදරණිය සහකාරියකගේ නොමද උණුසුම ලැබේ. වගකීම්, ආදරය, සහ උරුමය... මේ සියල්ල රැක ගැනීමට ඔහුට හැකිවේවිද...






මේ ඔහුගේ කතාවයි.. අද පටන් කොටස් වශයෙන් දිගහැරෙන්නේ .......





"නිර්මාල්"
..The Story of a Boy…

.......................................................................................................................................................................



9
 “නිර්මාල් කොල්ලෝ උඹ නිදිද තවම නැගිටපන් දැන්. ලොකු මහත්වරු ඇහැරුනොත් උඹට කන පිරෙන්න අහගන්න පුළුවන්.යස අපූරු මුරකාරයෙක් තමයි ලොකු නොනෙත් හොයන් තියෙන්නේ” ඒ සුමනා අම්මාය.. ඇස් දෙක පිසදමමින්ම මම පුටුවෙන් නැගිට්ටෙමි. වෙලාව උදේ 8 ට පමණ වන්නට ඇතැයි සිතුනෙමි.
“සුමනා අම්මේ.. දැන් කීයද වෙලාව? මහත්තයාලා ඇහැරිලාද?”
“දැන් නමයයි කොල්ලෝ.උන් නැගිටින්න කලින් තමයි මම උඹව ඇහැරුවේ..”
“එහෙම්මම නින්ද ගියා සුමනා අම්මේ.”
“මෙන්න උඹේ තේකත් මම මෙතෙන්ටම ගෙනාවා.මේක බිලා ගිහින් අරන් වරෙන් පත්තර ටික.”
“අය්යෝ සුමනා අම්මේ.. ඇයි ගෙනාවේ.. මන් එනවනේ”මම ඇගෙන් තේ කෝප්පය ගත්තෙමි. ඇයගේ මේ කරුණාව දුටු විට මට සිහිවන්නේ මගේ අම්මයි. ඉස්සර ඇදෙන් නැගිටිනකොටම අම්මා තේක අරගෙන එයි. සුමනා අම්මත් මගේ අම්මා මෙන් යැයි මට සිතුණි.
“උඹේ පණ්ඩිත කම් නවත්තලා ඕක බීලා දියන් මට කෝප්පේ. වැඩ තියනවා මට. උඹව හුරතල් කර කර ඉන්න වෙලාවක් නෑ. ඊට පස්සේ පත්තර ටික අරන් වරෙන්.”
තේ කෝප්පය එක හුස්මෙට බී ඇයටම කෝප්පය දුන්නෙම්.
“දැන් ගිහින් වරෙන් කොල්ලෝ ”
“සුමනා අම්මාට ඊයේ නම් මාව පෙනුණේවත් නෑ. අද ඒක තමා මේ බටර් ගාන්නේ නේද..” මම ඇයට ඔච්චම් කරමින් කීවෙමි.
“අනේ උඹට බටර් ගාන්න.. මට වෙන වෙන වැඩ නෑ කියලා හිතුවද උඹ.. කුස්සියේ වැඩ හෝ ගාලා අර සුධාරිකා කෙල්ලට කිරිබත බලන්න කියලා මන් ආවේ. මන් යනවා. උඹ ඕනේ එකක් කරගනින්..” ඇය චිත්තයත් නැවත තද කරගනිමින් යන්නට විය. ඇයගේ කරුණාව මා හට මහා මෙරක් යැයි හිතෙන වාර ගණන එන්න එන්න වැඩි වනවාදෝ කියා මට විටෙක සිතේ.දැන් වෙලාව නමයා මාර වී තිබේ.ඉක්මනින් පත්තර ටික ගෙන ආ යුතුය. සිරිදෝරිස් මාමා ගේට්ටුව අසළ තබා පත්තර ගෙන ඒමට එලියට බැස්සෙමි. පාර දිගට අද වෙනදාට වඩා කාර්යබහුලය.හංදිය අසල සිම් පත් සමාගමක ප්‍රවර්ධන වැඩසටහනකි.
“ගන්න අයියා මේ කපල් සිම් එකක්. රුපියල් දෙසියයි.”
“කපල් නෑ මල්ලි කපල් සිම් ගන්න..” ඔවුන් දෙස සිනාසී බලා පැවසුවෙමි. ඔවුන් ද සිනාසේ. කපල් කියූ විට මතක් වුනේ සදලිවය.. ඇය... තවම නිදි ඇති. ඇගේ සුරංගනා ලෝකේ.. දැන් ඉතින් ඇයව මග හැරිය යුතුය. මගේ දිනචරියාවට තවත් කාර්යක් එක වුණි. සිරිවර්ධන අංකල් කොහොම කිව්වත් ඇය කාලයක් මගේ හොදම මිතුරියයි. ඇයට මා දුටුව විට මගේ හැඩරුව හෝ මතක් වනු නොඅනුමානයි. කොහොම උනත් ඇයට ඕනෑවට වඩා මුහුණ නොදිය යුතුය. එය ඇයට මෙන්ම මටත් හොද වනු ඇත. ඒත් ඇයගේ මුහුණ දැකීමට සිතට ඉවසුමක් නැතිවා වැනිය. මේ මොකක්ද වුණේ.. වෙලාවකට මගේ ජීවිතය කොහොම ලියවිලා ඇත්ද කියා සිතේ. සිතුවිල්ලෙන් සිතුවිල්ල ගමන් කරන වේගයෙන්ම මගේ අඩියද ඉක්මන් වී ඇත. නොදැනීම මා පත්තර කඩය අසලය. පත්තර රාක්කය ඉදිරියේම ඈ සගරාවයි.සදලි එකොළහේ පන්තියේදී කාටත් හොරා ඈ කියවපු හැටි තවම මතකය. ඇය එයට සල්ලි එකතු කරගත්තේ ඇයට දෙන දවසේ වියදමිනි. ඈ කියවන්න එපා යැයි මා කියූ විට ඇය මා සමග රණ්ඩු වේ. තවමත් ඇය ඈ කියවන්නට කැමතිද දන්නේ නැත.
“මුදලාලි ඈ පත්තරෙකුත් දාන්න.”
“එතකොට ගාන රුපියල් තුන්සිය අනු පහයි.” ඈ සගරාවේ මුදල මගේ අතින් දුන්නෙමි. පත්තර ටික අස්සේ ඈ සගරාවද තබා බංගලාව දෙසට පියමැන්නෙමි. බංගලාවට ඇතුල් වන විට ලොකු මහත්තයා ඉස්තොප්පුවේය.
“සමාවෙන්න ලොකු මහත්තයා පත්තර ටික පරක්කු වුණාට”
“හ්ම්.. ඒකට කමක් නෑ. පලයන් ගිහින් ඉක්මනට වාහනේ හොදපන්. පන්සලට යන්න ඕනේ තව ටිකකින්.”
“හොදයි ලොකු මහත්තයා..” ඔහු පත්තර මිටිය අතට ගෙන නවා තිබු පත්තර ටික දිග හැර එතැන තිබු ඉස්තෝප්පුව උඩින් තිබ්බේය. ඒ ටික දිග හැරිය විට උඩින්ම තිබුනේ ඈ සගරාවයි.
“මන් කවද්ද බෝල ඈ ගේන්න කිව්වේ?”
“සමාවෙන්න ලොකු මහත්තයා මුදලාලිට වැරදිලා ඇවිත්ද දන් නෑ..” මම කටට ආ බොරුව කීවෙමි.
“ඈ...” ගේ ඇතුලෙන් ආවේ නුපුරුදු හඬකි. නමුත් ඒ සදලිගේ හඬ බව මා හට හදුනා ගැනීමට හැකිවිය.
“ඔව් දූ.. මේ මුදලාලී කාරයාට වැරදිලාද කොහෙද එවලා ආපහු යවන්න ඕනේ ”
“ඔහොම ඉන්න තාත්ති” ඇය ගේ ඉස්තෝප්පුව දෙසට පැමිණේ. ඇය හැඳ සිටියේ සුදු පැහැති ප්‍රිජාමා කලිසමක් හා තැඹිලි පාට ටී ෂර්ට් එකකි. මම විගසින් බිම බලා ගත්තෙමි.
“ඇයි දූ.. දුවට ඕනෙද පත්තර..”
“තාත්ති මගේ හොද තාත්ති වගේ ඕක මට දෙන්නකෝ ගොඩ කාලකින් ඈ සගරාව බලන්න බැරි වුණා.” ඈ ගජබාහු මහත්තයාගේ කරට තම අත යවා ඔහු බදාගනිමින් පැවසුවාය.
“ඔච්චර ඕකට බටර් ගාන්න ඕනේ නෑ ඉතින්. මේ තියෙන්නේ අරගන්නකෝ.” ඔහු ඇයගේ මහුණ සිඹ සගරාව ඇය අත‍ට දුන්නේය.
“මගේ හොද තාත්ති...” ඇය ඔහුව සිඹී..
“තාත්ති කොහොමත් හොදයි තමයි දූ...” ගජබාහු සිනාසෙමින් ඇයට පැවසුවේය.
ඈ සගරාව රැගෙන යන්නට හැරී නැවතත් නැවතුනාය. ඇය බැලුවේ මා දෙස බව මට තේරුණි. මම ඇයට මගේ මුහුණ නොපෙනෙන සේ බිම බලාගෙනම සිටියෙමි.
“කවුද තාත්ති මේ..”
“මූ ආච්චිගේ වම් අත දූ... දුවට ඕනේ දෙයක් තියනවනම් මූට කියන්න. මූ ඕනේ දෙයක් කරලා දෙයි.”
ඔහු සිනාසෙමින් ඇයට පැවසුවේය.
“බිම බලන් ඉන්න විදියෙන් නම්  පෙන්නේ ආච්චිටම හරියනවා වගේ... හී..හී.. මන් යනවා තාත්ති..”
 ඇය මා හදුනා ගත්තේ නැත. දෙවියන් මා බේරුවා වැනිය. නමුත් ඇය කැමති දෙය ඇයට ලබා දීමට හැකි වීම සතුටකි. සදලි දැන් නම් ඇත්තටම සදක් වැනිය. ඇගේ දීප්තිමත් ඇස් යුග දැක බොහෝ කල්ය. ඇය සුරගනක් වැනි යැයි මට සිතුණි. කාටත් හොරා ඇස් යටින් බැලු විට මෙච්චර සුන්දරත්වයක් තියනවා නම් ඇය දෙස එක එල්ලේ බැලු විට මගේ ඇස් වලට මොනවා වෙයිද.. මගේ ඇස් පින් කරලා නැතිව ඇති එයාගේ ලස්සන ඇති තරම් විදින්න...
“සදලී... මට හිතෙනවා ඔයාව උස්සන් වටයක් දුවන්න.”
“මොනවද බන් කල්පනා කර කර මුමුණන්නේ..” ලොකු මහත්තයාගේ ගෝරනාඩුවෙන් මම නැවතත් පියවි ලෝකයට පැමිණියෙමි.
“මේ වාහනේ හෝදන්න යන්නද කියලා අහන්නයි හැදුවේ ලොකු මහත්තයා...”
“හ්ම්.. ගිහින් හෝදපන්.. මේ අහගනින්.. හෙට ඉදන් ඈ සගරාවත් ගෙනෙන්.. අමතක වෙලා හරි උඹ ඒක ගෙනාපු එක හොදයි.”
මම ඔලුව පහත කර සිනාසුනෙමි. “මම එහෙනම් යන්නම් ලොකු මහත්තයා.”
වෙනදාට වඩා ඉක්මනින් දැන් වාහනය සේදිය හැකිය. පුහුණුව තුළින් ලබන පන්නරය පිළිබද සිහි වූ විට හිත දුව යන්නේ කුඩා කාලයටයි.
කුඩා කළ මා හට සපත්තු ලේස් එක නිවැරදිව ගැට ගැසිය නොහැක. මගේ පියා නිතර පවසන්නේ තනියම ලේස් එක ගැට ගැසීමට පුරුදු වන ලෙසයි. දවස් දෙක තුනක් උත්සහ කරානම් පුළුවන් වන බව ඔහු නිතර පවසයි. නමුත් මා එය පිළිගත්තේ නැත. හෑම දිනකම සපත්තු දෙක දා ලේස් ගැට ගැසීමට අම්මාට කකුල් දික් කරයි.
“පුතා ඔය සෙල්ලම හැමදාම හරියන් නෑ.. පුහුණු වෙන්න ඕනේ පුළුවන් වෙන්න නම්. උත්සහ කරන් නැතිව කොහොමද තනියම වැඩක් කරගන්නේ”
“අම්මා ඉන්නවනේ...” මම පියා සමග හරහට කියමින් සෑම දිනකම වැඩේ මගහරිමි. ඔහු එවිට පැවසුවේ දවසක ඔහු කියන දේ වල නියම අර්ථය මා වටහා ගනු ඇති බවයි. ඔව් තාත්තේ දැන් මන් තාත්තා කියපු ගොඩක් දේ වල නියම අර්ථය වටහා ගෙන ඉන්නේ. තාත්තා නැති වුනාට පස්සේ ඉදන් තාත්තා කිව්වා ගොඩක් දේවල් ඇත්ත කියලා තේරෙන්න පටන් ගත්තා.එත් ඒ බව කියන්න අද තාත්තා මන් ලග නෑ.... මම අහස දෙස බැලුවෙමි. අහස නිල්ම නිල් පාටය. වළාකුලක් හෝ එහි නැත. සුමානයකට වහින පාටක් නැත. වාහනය සෝදා පිස දමා අවසානය.ලොකු නෝනා සුදු ඔසරියකින් සැරසී ඉස්තොප්පුවේය.
“ඔය වාහනේ මෙහෙට ගනින් කොල්ලෝ..” ඈ පැවසුවාය. සිරිවර්ධන අංකල් ට පින් සිද්ධ වන්නට මා හට කාර්, වෑන්, ජීප් ඔය ඕනේ එකක් සමග ඔට්ටු විය හැකිය. මම වාහනය ගෙයි ඉස්තෝප්පුව අසලට ගෙන ආවෙමි.
“උඹට පුළුවන් නේද මෙව්වා පදින්න.”
“එහෙමයි ලොකු නෝනා”
“එහෙනම් උඹත් ගිහින් ඇදුමක් දාගෙන වරෙන් ඉක්මනට.සුදු එකක් නම් වඩා හොදයි...”
“හොදමයි ලොකු නෝනා..” මම යන්නට සැරසුනෙමි.
“ඔහොම හිටපන් පොඩ්ඩක්.. රිලා මොටෙක් වගේ ඔය රැවුල වවන් ඉන්නේ මොකද උඹ.”
“නෑ.. ලොකු නෝනා කපාගන්න වෙලාවක් තිබුනේ නෑ..”
“ඔය වදුරු රැවුලත් කපන් වරෙන්... බලපන් හැටි විතරක්. මේ සමරවික්‍රම වලව්වේ ඉන්න වැඩකාරයා පවා පිළිවෙලට ඉන්න ඕනේ.”
“හොදමයි ලොකු නෝනා..”
රැවුල කැපුවොත් නම් අනිවාර්යෙන්ම සදලි මා හදුනා ගනු ඇත. දැන් මොකද කරන්නේ... කපාත් බෑ.. නොකපත් බෑ. ලොකු නෝනාටත් මේ වෙලාවේම ඕනේ වුණානේ මගේ රැවුල කප්පන්න.
මම ඉක්මනින් කාමරයට පැමිණියෙමි. කමිසය ගළවා දමා රැවුල කපනවද නැද්ද කියා සිතුවෙමි. නොකපා නම් අද ලොකු නෝනට මුහුණ දෙනවා බොරුය. එනිසා රැවුල කපා දැමුවෙමි. රැවුල කැපුවේ මාස දෙකකට පමණ පසුය. මුහුණ මටත් හදුනා ගැනීමට නොහැකි සේය. තිබුණු එකම සුදු කමිසය නොතිබූ නිසා අතට හසුවූ කමිසය හා ඩෙනිම් කලිසම ඇගට දා ගෙන  එලියට ආවෙමි. තවමත් ලොකු නෝනා එලියේය.ලොකු මහත්තයා හා සුමිත්‍රා මැඩම් ද සුදු හදුමින් සැරසී එලියට පැමිණ ඇත. සදලි හෝ ලොකු බේබි නම් පෙනෙන්නට නැත.
“ඔය ඉන්නේ දැන් මනුස්සයෙක් වගේ..” ඇය මා දෙස බලා සිනාසෙයි.
“මේ කවුද අම්මේ මේ.. අලුත් එකෙක්ද.. හඃ හඃ හා.. මූට ගිය කළ” ලොකු මහත්තයා මහා හඩින් සිනාසෙන්නට විය.
මමද බිම බලා සිනාසුනෙමි.                      
“වාහනයට නැගපන් එහෙනම්.”
“හොදමයි ලොකු නෝනා...”
“කෝ.. දූ තවම ලැස්ති වෙනවද?” ලොකු මහත්තයා සුමිත්‍රා මැඩම් ගෙන් ඇසුවේය..
“දූ... කෝ ඔයා ඉක්මනට එන්න...” සුමිත්‍රා මැඩම් ගෙට ගොස් හඬ නගන්නට විය.
“මේ එනවා අම්මා...” ගෙතුලින් ඇගේ හඬ ඇසුණි. ලොකු මහත්තයා ඉදිරි අසුනෙන්ද අනිත් දෙදෙනා පිටුපසින්ද හසුන් ගත්තෝය. සදලි උඩු මහලේ සිට දුව එනු පෙනුණි. ඇය එනවාත් සමගම මම ඔලුව පහතට හරවා ගත්තෙමි. ඇය පැමිණ පිටුපසින් හිඳ ගත්තාය. ඈ මා දුටුවේ නැතැයි කියා මම සිත හදාගත්තෙමි.
“කැළණියට යමු කසුන්.. උඹ දන්නවාද කැළණි විහාරෙට යන පාර..”
“කඩුවෙල ඉදන් නම් දන්නවා මහත්තයා...”
“හ්ම්..ඔහොම කෙලින්ම යමු..”
“හොදයි මහත්තයා..”
සියලු දෙනා ලොකු කතාවකය. කඩුවෙලට එනතුරු ලොකු මහත්තයා පාර කියූ නිසා ගමන එතරම් අපහසු වූයේ නැත.එතැන් සිට මම පාර දනිමි. ඒ නිසා පහසුවෙන් කැළණි විහාරයට ලගා වීමට හැකිවිය. කැළණි විහාරයට මා පැමිණියේ අවුරුදු දෙකකින් පමණය. පැත්තම වෙනස් වී ඇති බවක් දැනුණි.
විහාර භුමියේ වාහන නැවතුමෙහි තිබු මැයි ගසක් යට වාහනය නැවත්තුවෙමි. ඔවුහු වාහනයෙන් බැස විහාරය දෙසට පිය මැන්නෝය. ඔවුන් නොපෙනී ගිය පසු මමත් වාහනයෙන් බැස්සෙමි.. කැළණි වෙහරට ගොස් මලක් පුජා කලයුතු යැයි සිතුණි. නමුත් වාහනය මෙහි තනිකර ගොස් වැරද්දක් වුවහොත් වගකිය යුත්තේ මා නිසා ඒ අසළ වූ යකඩ බම්බු වලින් සැකසු වැටට බර වුනෙමි. සතියේ දවසක් වුවත් සෙනග නම් බොහෝය. වරක් වැන්දොත් කැලණියේ... සියලු පව් මැකේ කියා කතාවක් මා අසා තිබේ.. බොහෝ දෙනෙක් සිතන්නේ කැලණිය එක වරක් වැඳ පුදා ගත් විට සියලු පව් මැකෙන බවයි. නමුත් මගේ පියා සමග කැළණි විහාරයට පැමිණි මොහොතක ඔහු පැවසුවේ අවුරුද්දක් පුරා නොකඩවා කැළණි වෙහෙර වැදීම මෙහි වරක් යනුවෙන් අදහස් කරන බවයි. ඒ අනුව පව් මකා ගැනීමට නම් අවුරුද්දක් පුරා එක දිගට කැළණි විහාරය වැඳ පුදා ගත යුතු බව ඔහු නිතර පවසයි. ඔහු සිටියේ මහලු විය එළඹුන පසු දිනපතා මෙහි පැමිණීමටයි. නමුත් මගේ පියාගේ දෛවය ඊට ඉඩ දුන්නේ නැත. මිනිස් ජීවිතයක අරුමය... මැයි ගසක කෙලවරේම තිබු මැයි මලක් අත්තෙන් ගිලිහි බිම වැටුණි.. එය බිම වැටෙනවාත් සමගම වේගයෙන් ආ මෝටර් සයිකලයට එය තැලී පොඩි වී ගියේය. අත්තත කෙලවරට වී පිපි සුවද දුන් මල නිමේෂයකින් විනාශ වී ගොස්ය. මිනිස් ජීවිතෙත් මේ වගේ යැයි සිතුණි.... ආමිශ පුජාවට වඩා ප්‍රතිපත්ති පුජාව උතුම් යැයි බුදු හාමුදුරුවෝද පවසා තිබේ. ඒ නිසා කැලණි භූමියට පැමිණ මලක් පුජා නොකිරීම ගැන දෙවියන් මා සමග අමනාප නොවනු ඇත.. කාක්කෙකුගේ හඩින් මා ගැස්සී ගියේය.. ඒත් එක්කම මගේ හිස මතට කුමක් හෝ වැටුණි. හිස අත ගා බැලුවිට අතට දැනුනේ තෙතකි. අත නහයට ලං කර බැලුවෙමි.. එහි සුසුබෙන් සිදු වූ දේ වැටහුණි. කාක්කෙකු මා හට තෑගී දී තිබේ. කැළණි භුමියේ ඇති ගස් පුරා කාක් කූඩු පිරි තිබේ.මා සිටියේද එවැනිම ගහක් යටය. කාක් වර්චස් පිඩ පිසා දා ගැනීමට මා අත ලේන්සුවක් හෝ නොතිබුනේය. මම ගසක කොළයක් ඇහිද ගනිමින් එය පිසදමන්නට උත්සහ කෙරුවෙමි.
“ආ මේක අරන් පිහ දාගන්න..” සුපුරුදු හඩක් ඇසුන නිසා පිටුපස බැලුනේ ඉබේටමය.එහි වුයේ සදලිය. ඇය සිනාසෙමින් මා වෙත ලේන්සුවක් දිගු කරයි. මා ඇය වෙත බැලුවෙමි. ඈ මා දෙස බලාගෙනමය. මාද ඈ දෙස බලාගෙනය. ඇගේ මුහුණේ වූ සිනාව නතර නොවුණි. ඇගේ මුහුණ දෙවගනක් සේ යැයි මට සිතුණි. නමුත් ඉක්මනින් මම බිම බලාගත්තෙමි. මා බිම බලාගත් පසු ඈ නැවත හඬ අවදි කළාය.
“ගන්න මේක. අරන් පිහදාගන්න.”
“කමක් නෑ පුංචි නෝනා..”
“පණ්ඩිතකම් නැතිව ගන්න මේක..” ඇය නැවතත් ලේන්සුව දිගු කරයි.
“බොහොම ස්තුති පුංචි නෝනා..” මම ඇගෙන් ලේන්සුව ගෙන හිස පිසදා ගත්තෙමි.
“නිර්මාල් කියන්නේ එතකොට ඔයා ?”  ඇය කතා කරන්නේ මගේ ඇස දෙස බලාය. බිම බලන්නට උත්සහ කලත් ඇය මා දෙසම බලා සිටි.
“ඔව් පුංචි බේබි...”
“නිර්මාල්... හ්ම්ම්. කැමරාව අමතක වෙලා ඒකයි මන් ආවේ ආපහු.” ඈ වාහනයට නැග කැමරාව අතට ගෙන එයින් බැස්සාය.මගේ අතේ ඇගේ ලේන්සුවය. මම ලේන්සුව දෙස බැලුවෙමි.
“ඕක මට ආයිත් එපා..” එසේ පවසා ඇය නැවත හැරුණාය
“හොදයි පුංචි බේබි..” ඈ සෙමෙන් විහාර භුමිය වෙත පිය නැගුවාය. ඈ මා හදුනා ගත්තාද.. මගේ හදවතේ ගැස්ම වේගවත් වනු මට දැනුණි. නෑ... එයා අදුන ගන්නේ නැතුව ඇති... හදුනා ගත්තානම් අහනවානේ. අනික ලේන්සුව එපා කියන එකක් නෑ හදුන ගත්තා නම්. මම සිත හදා ගත්තෙමි.
විහාරයට පැමිණ දැන් පැය දෙකක් පමණ ගොස්ය. ඈත සියලු දෙනා නැවත පැමිණෙන චායාව දුටුවෙමි. මම වාහනයට නැග ඒ අසලට වාහනය ගෙන ගියෙමි. වාහනය ඒ අසලින් නැවැත්තු පසු ඔවුන් පැමිණ වාහනයට නැග්ගෝය.
“උඹටත් මොලේ ටිකක් තියනවා නේද..” ලොකු මහත්තයා වාහනයට නගින ගමන් පැවසුවේය. ඒ මා ඔවුන් සලට වාහනය ගෙන ආ නිසා විය යුතුය. උදේ හොදින් පායා තිබුනත් එක පාරටම අහස කළුකර ඇත. වැස්සක් ලග එන බව මා හට දැනුණි.
“ වැස්සක් එන්න වගේ පුතේ...” ලොකු නෝනා පැවසුවාය.
“ශෝක් ආච්චි අම්මේ වැස්සොත්”
“මගේ කෙල්ල... ඉතින් වැස්සට තාම කැමති නේද..” ලොකු නෝනා සදලිගේ හිස අත ගෑවාය.
“ඒ වුනාට ඉක්මන් කරලා යමන් වැස්සට කලින්... වැස්සේ පාර ලිස්සනවා.” ඇය නැවත පවසයි.
“බය වෙන්න එපා අම්මා.. එහෙම වෙන්නේ රෝද ගෙව්නාම..”
“හ්ම්.. උඹ ඉතින් ඔක්කොම දන්නවානේ..”
“අම්මා මට ඇදුම් ටිකක් ගන්න ඕනේ.. එහෙ ඉදන් ගෙනාපුවා මෙහෙට ගැලපෙන් නෑ අම්මා..”
“හෙට ගිහින් ඕනේ තරම් ඇදුම් ගන්න දූ..” ලොකු මහත්තයා ඉස්සර වුවේය.
“මගේ හොඳ තාත්ති...” ඈ තවමත් පුංචි දරුවෙකු මෙන් යැයි සිතේ. ඇගේ දගකාරකමේ හෝ හුරතල් කමේ නම් කුඩා හෝ අඩුවක් තවම නැත. අවුරුදු විසි තුනක තරුණියක් වුවත් ඇය තවමත් පාසල් යන වයසේ කෙල්ලෙකු මෙන් තාත්තාට සුරතල් වේ. ලොකු මහත්තයාත් දරුවන්ට හොඳ පියෙක් බව ඔහු දෙස බලන ඕනෑම අයෙකුට හැඟෙ

0 comments:

Post a Comment

Copyright © 2016 ස්වර්ණමා All Right Reserved