Must Read

Monday, August 1, 2016

"නිර්මාල්"... THE STORY OF A BOY - 08

****************************උපුටා ගැනීමෙන් වලකින්න*********************************

ඔහු කඩවසම් තරුණයෙකි.. උරුමය පොහොසතෙක් වන්නට වුවත් දෛවය ඔහුව මෙහෙ කාරයෙක් බවට පත් කොට ඇත. නමුත් තම උරුමය සෙවීම ඔහුගේ යටි හිත තුළ නළියයි.. ඒත් දෛවය ඊට භාදක රැසක් පමුණුවයි. ඔහු සටන් කරන්නේ ඔහුගේ උරුමය වෙනුවෙනි. තවත් පැත්තකින් ඔහුට ආදරණිය සහකාරියකගේ නොමද උණුසුම ලැබේ. වගකීම්, ආදරය, සහ උරුමය... මේ සියල්ල රැක ගැනීමට ඔහුට හැකිවේවිද...






මේ ඔහුගේ කතාවයි.. අද පටන් කොටස් වශයෙන් දිගහැරෙන්නේ .......





"නිර්මාල්"
..The Story of a Boy…

.......................................................................................................................................................................


8
ඇය ආවාස ගෙය තුලට ඇවිද යයි. අදත් සුපුරුදු පරිදි ඇගේ අතේ හදහනකි. සමහරවිට ලොකු බේබිගේ විය හැක.
“ඌ ලොකු බේබි නෙමේ...” මගේ කටට ආ වචන ටික පිට නොකර කට තුලම සිරකර ගත්තෙමි. මේ පොහෝ දිනයේ පන්සලට වී ඕවා කියා පව් එකතු කරගන්නේ කුමටදැයි මා හට සිතුණි. සිල් ගැනීමට පැමිණි සිල් අම්මලා තාත්තාලා ගෙන් පන්සල පිරි ගොසිනි. අද පෝය වෙලත් හදහන් බලනවද... විටක මට සිතේ. දුරකථනයට කෙටි පණිවිඩයකි. ඒ සිරිවර්ධන අන්කල් ගෙනි. මා උදේ යැවූ පණිවිඩයට පිලිතුරුය. සිරිවර්ධන අන්කල් නොහිටින්නට මා මේ අපායෙන් දැනටමත් පැන ගොසිනි. ඔහුගේ ධෛරිමත් කිරීමෙන් මම සිත හදාගත්තෙමි. ඔහු පවසන දේ සැබෑය. මා කුඩා දරුවෙකු මෙන් හැසිරුණහොත් අපේ පවුල අනාත වේ.
දැන් මා මෙහි පැමිණ පැයක් පමණ ඉක්ම ගොසිනි.
ලොකු නෝනා වේගයෙන් මා වෙත ඇදෙනු දුටුවෙමි.
“හ්ම්.. යමන් ආපහු බංගලාවට”
“හොදයි ලොකු නෝනා..” මම ඇයට දොර හැර දුන්නෙමි.
“පොඩ්ඩක් ගමන ඉක්මන් කරහන් බන්.” කවරදාක හෝ නැතුව ඇය වේගයෙන් යන්නට පවසයි.  තිහට තිබු මීටරය හතලිහ දක්වා පැගුවෙමි. ගේට්ටුවෙන් රථය ඇතුල් කර නවත්තන්නටත් කලියෙන් ඇය දොර හැරියාය. මම ඉක්මනින් වාහනය නතර කළෙමි. වෙනදාට මා දොර ඇර දෙනකම් ඉන්න කෙනා අද තනිවම දොර හැර ගෙතුලටත් ගොස්ය.
“පුතේ... පුතේ... මෙහෙ වරෙන් ඉක්මනට”
“මොකද අම්මේ මේ බෙරිහන් දෙන්නේ..”
“මන් හිතුවා අපේ එකා වසවර්ති කම් කරද්දී ඌට මොකක් හරි නරක කාලයක් ලබලා ඇති කියලා/ ලොකු හාමුදුරුවෝ කියන්නේ ඌට එරාෂ්ටක අපලයක්ලු.”
“මේ පෝය දවසේ කොහෙද අම්මේ හදහන් බලන්නේ. හාමුදුරුවන්ට වැරදිලා වෙන්න ඇති. ඊයේ උන ඒවා ගැන අම්මා එච්චර හිතන්න ඕනේ නෑ. ඔය වයසට ඔහොම තමයි අම්මා..”
“උඹේ පැහිච්ච කම් නතර කරගනින්. ලොකු හාමුදුරුවෝ මන් නිසාමයි බලලා දුන්නේ. උන් වහන්සේ අද බලන් නෑමයි කිව්වා මගේ කන්දොස්කිරියාව ඉවසගන්න බැරිව උන් වහන්සේ වෙලාපත්කඩේ අතට ගත්තෙත්..”
“හරි හරි දැන් හාමුදුරුවෝ මොකද කියන්නේ..”
“කොල්ලට ඒරාෂ්ටකයක්ලු බන්. පරිස්සම් කරගන්න කිව්වා අවුරුදු දෙකක් යනකම්. තද බල අපළලු ඌට.. ඌගේ ශනි නීච වෙලාලු තියෙන්නේ. ඒ නිසා ඒරාෂ්ටකේ ඉවර වෙනකම් කොල්ලව ඇහැක් වගේ පරිස්සම් කරගන්න කිව්වා. උගේ ඔලුවේ කුජ බලවත්ව ඉන්න නිසා උගේ තරහා පාලනය කරවන්න කිව්වා මේ ටිකේ. නැත්නම් ඌ උගේ තරහා නිසාම නැහෙයි කිව්වා. තව එකක් ඌව අවුරුද්දක් ඇතුලත බැන්දුවේ නැත්නම් ඌ ආපහු කසාදයක් ගැන හිතන්නේ අවුරුදු හතලිහ උනාට පස්සෙලු.”
“අනේ අම්මේ ඕවා බොරු කතා. කොල්ලට ඕවා කිව්වොත් ඌගේ ඔලුවත් නරක වෙයි.”
“ඌගේ ඔලුව නරක් වෙලා තමයි අමුතුවෙන් නරක් වෙන්න දෙයක් නෑ. නැත්නම් වැඩ කාර කෙල්ලෝ එක්ක විගඩම් නටයිද..”
“දැන් කියයි ඒකත් මන් දරුවෝ හදපු වැරැද්ද කියලා.. හ්ම්. මගේ කොල්ලව ඒකි රවට්ට ගන්න ඇති. නැත්නම් පුතා ඔය වගේ වැඩ කරන් නෑ ” කොහේදෝ සිට පැමිණි සුමිත්‍රා මැඩම් ද කතාවට එකතු විය.
“අපොයි ඔව්. උඹලට තේරෙන් නෑ මන් කියන එව්වා. හොටපැටලුනාට පස්සේ තේරිලා වැඩක් නෑ පුතේ අන්න ඒකත් මතක තියාගනින්.”
“ඇති අම්මා. දෙන්නම දැන් කතාව නතර කරමු . මන් බලා ගන්නම් කොල්ලා ගැන. කවුරුත් කලබල වෙන්න ඕනේ නෑ.”
“උඹලට ඕනේ එකක් කරගනිල්ලා.” ලොකු නෝනා ගෙතුලට වැදුණි.
මම ද හෙමින් සීරුවේ මුර කුටිය පැත්තට ආවෙමි. පොහෝ දිනය නිසා කරන්නට කියා එතරම් වැඩකුත්  නැත. මෙහෙට ආවත් හරි දිනපොත ලියන්නට අවස්තාවක් නොලැබුන නිසා එය ලියන්නට සිතුණි. තවම දිනපොත ගමන් මල්ලේය. ලියන්නට නම් බොහෝ දේ ඇත. ගමන් මල්ලෙන් දිනපොත අතට ගත මම එහි පළමු පිටුව පෙරෙළුවෙමි. එහි පළමු පිටුව තුළ මා දුටු දෙයින් මගේ සිත සසළ විය. මා හට සදලි මතක් වුනේ ඉබේටමය. එය සදලි සතු වස්තුවකි. වෙන කිසිවක් නොව ඇගේ ලේන්සුවකි. මගේ මතකය අතීතයට ගියේ ඉබේටමය.
එදා  පාසලේ විභාග අවසන් දිනයකි. එවිට මම  දහයේ පන්තියේ සිටියෙමි. ඇයත් මගේ පංතියේය. අප සියලු දෙනා නමය ශ්‍රේණියත් සමගින් සිටියේ කොයි මොහොතේ හෝ රණ්ඩුවක් ඇදගැනීමට බලාපොරොත්තුවෙනි. ඔවුනුත් එසේමය. ඉතින් එදින විවේක කාලයෙන් පසු ඔවුන්ගෙන් අපට අභියෝගයක් එල්ල වුණි. ඔවුන් සමග තරගයට ක්‍රිකට් ගැසීමට එන ලෙස ඔවුන් අප හට අභියෝග කරන්නට විය. අපත් කිසිත් නොතකාම වැඩේට එකතු වීමු. පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු වූ මම ද අපේ පිලට නොමදව සහය දුන්නෙමි. කාසියේ වාසිය අපටය. ක්‍රීඩකයන් දෙදෙනෙක් අපේ පිලෙන් සටනට එක් විය. නමුත් අවාසනාවන්ත ලෙස අපේ එකෙකු පළමු කඩුල්ලෙන්ම දැවී ගියේය. දැන් මගේ වාරයයි. පළමු ඕවරදී ලකුණු 12ක් පිලට අරන් දීමට මට හැකිවිය. ගැහැණු ළමුන් ඔල්වරසන් දේ. පිරිමි ළමුන් නමය වසරට හූ කියයි. දෙවැනි ඕවරයේදී තුන්වන පන්දුව මට ලැබුණි. ඊට පහරක් එල්ල කරත් හයක් හෝ හතරක් දක්වා යාමට එහි ප්‍රබලතාව මදි වුණි. නමුත් දුව හෝ ලකුණක් එක් රැස් කරගන්නා අදහසින් මම දිව්වෙමි. නමුත් මගේ පය පැටලී පිට්ටනිය මැද ඇදවැටුණි. එහෙත් ඉක්මනින් නැගී සිටි මම, බෝලය කඩුල්ලට ගැසීමට පෙර කඩුල්ල වෙත පැමිණියෙමි. නමුත් වැටුණු පාරට දකුණු අතේ වැලිමිට සන්දියේ සිට අඩක් දුර එනතුරු හොදින් සීරි තිබුණි. සුදු ඇදුමේද තනිකරම දුහිවිල්ලය. අත රිදුම් දේ. තවත් ක්‍රීඩා කිරිමට නොහැකි බව බලන් ඉන්නන්ටද තේරුණි.මම අතින් මිතුරෙකුට කතා කළෙමි. මා වෙනුවට තවත් මිතුරෙකු පිටියට පැමිණියේ ඉක්මනිනි. මම තවත් මිතුරෙකු සමගින් හෙමින් සීරුවේ ටැප් එක ලගට ගොස් තුවාල සෝදා ගත්තෙමි.වතුර පාර තුවාලයට වදින විට දවල් තරු පෙනුණි. හිමින් සීරුවේ පන්තියට ආවේ පන්තියේ තිබු ෆස්ට් එයිඩ් බොක්ස් එකෙන් බෙහෙත් ටිකක් දා ගැනීමටය. නමුත් ඒත් එක්කම සදලීත් පන්තියට පැමිණියාය.
“මොකද වුනේ නිර්මාල්.. ගොඩක් තුවාලද..” ඇය අසයි.
“ටිකක් විතර. එච්චර ගානක් නෑ ඕක.” මම වේදනාව සගවා ගනිමින් පිළිතුර දුන්නේ ගැහැණු ළමයි ඉදිරිපිට ලැජ්ජා වේයයි සිතුනු නිසාය.
“කෝ බලන්න..” ඇය මගේ අත ඇද පරික්ෂා කරන්නට විය.
“අම්බෝ ගොඩක් තුවාල වෙලා. තරිදු ගේන්න සර්ජිකල් ස්ප්රිට් එකයි බෙටඩින් එකයි..” ඇය පැවසුවේ මා සමග පැමිණි මිතුරාටය.
“බෙහෙත් ඕනේ නෑ... රිදෙන් නෑ මැට්ටි.” මම ඇගෙන් බේරී අත ගැනීමට සැරසුණි. මොකද සර්ජිකල් ස්ප්රිට් දැම්මොත් නම් මගේ නම්බු කට්ට ඉවර බව මට සක් සුදක් සේ පැහැදිලි වූ බැවිනි.
“පණ්ඩිත නොවී ඉන්නවාද පොඩ්ඩක්. මම මේ වැඩේ කරනකම්..”
මා හේතුවක් නොදනිමි. නමුත් ඕනෑම වෙලාවක ඇගේ කටට මා කොන්ට්‍රෝල් වුණි. එයට හේතුවක් මට තවම නොතේරේ. සර්ජිකල් ස්ප්රිට් අතට දමන විට මට දෙවියෝ සිහිවුණි. එවලේ ඉවසූ ඉවසීම දන්නේ මා පමණි. හු කියමින් පාසලේ වටේ දුවන්නට සිතුණි. නමුත් ඇය තුවාලය පිරිසුදු කර  මගේ මුහුණ දෙස බලා සිනාසුන විට මගේ වේදනාව මට අමතක වුණි. බෙටඩින් ක්‍රීම් ගා බැන්ඩේජ් දමන්නට සැරසුන විට එහි බැන්ඩේජ් නොතිබුණි. අඩුම තරමේ ගෝස් කෑල්ලක් හෝ නොතිබුණි.
“ඔහොම ඉන්න සදලි මන් එහා ක්ලාස් එකෙන් අරන් එන්නම් උන් ගාව ඇති.” මගේ මිතුරා එසේ කියා යන්නට විය. නමුත් ක්ලාස් හයේම ගෝස් කෑල්ලක් හෝ බැන්ඩේජ් එකක් සොයාගැනීමට නොහැකි විය. ඒ අපේ ෆස්ට් එයිඩ් බොක්ස් වල හොදේ තරමය.
“බැන්ඩේජ් ඕනේ නෑ.” මම අත ගන්නට සැරසුණි.ඇය මා දෙස ඔරවා බැලිය. මම අත තිබු විදියටම තියාගත්තෙමි.
“කමක් නෑ තරිදු. මට මතක් වුණා වැඩක්.” ඇය ඇගේ ලේන්සුව අතට ගෙන එය දිගහැර මගේ අත වටේ එතුවාය.
“දැන් හරි. හෙට මගේ ලේන්සුව හොදට හෝදලා අපහු ගෙනත් දෙනවා හරිද..”
“බෑ ඒක දැන් මගේ..” මම ඇයට පැවසුවේ විහිළුවටය.
 “ආව්... කොල්ලට හරියයි වගේ බොහොම ඉක්මනට..” තරිදු කෑ ගසමින් සිනාසෙයි.

“බලාගමුකෝ ගෙනත් දුන් නැත්නම්නේ නිර්මාල්....  තරිදු බලන් ඉන්නකෝ හරියනකම්..අපි  යනවා..”ලෙස පවසමින්  ඇයත් ඇගේ කල්ලියත් සිනාසෙමින් යන්නට ගියාය. නමුත් ඇගේ ලේන්සුව මම නැවත නොදුන්නෙමි. නැවත දෙන ලෙස කොපමණ බල කලත් මා එය සෝදා පිරිසුදු කොට තියාගත්තෙමි. ලේන්සු තියාගත් විට යහළුවන් තරහා කාරයන් වන බව පවසමින් ඇය ලේන්සුව ඉල්ලා මට දස වද දුනි. නමුත් ඒවා විශ්වාස කරන කාලෙක මම නොසිටියෙමි.අන්තිමේදී ඇගෙන් බේරුනේ ලේන්සුව නැති වූ බැව් පවසමිනි. කොහොමහරි ඇගේ ලේන්සුව මට අයිති විය. ඉතින් එදා පටන් මගේ ඩයිරිය තුළ ඇගේ ලේන්සුව තිබේ. අවුරුද්දක් මාරු වෙද්දී ඩයිරිය වෙනස් වුනත් ඇගේ ලේන්සුව සෑම ඩයිරියකම මුල් පිටුවට පැමිණේ.මා පළමුව ආදරේ කළේ ඇයටයි. තාමත් මම ඇයට පෙම් කරන්නෙමි. මා මියෙන තුරු ඇයට පෙම් කරනු ඇත.නමුත් දැන් මා ඇයව මග හැර අවසානය. මගේ හදවතේ උපන් ආදරය මන්ම මගහැර අවසානය. ටික දිනකින් ඇයට මා අමතක වනු ඇත. නමුත් ඇගේ ආදරය මගේ හදවතේ සැමදා ප්‍රථම ස්ථානය දිනාගනු ඇත. 

0 comments:

Post a Comment

Copyright © 2016 ස්වර්ණමා All Right Reserved