Must Read

Sunday, July 17, 2016

"නිර්මාල්" ...THE STORY OF A BOY… 2

****************************උපුටා ගැනීමෙන් වලකින්න*********************************

ඔහු කඩවසම් තරුණයෙකි.. උරුමය පොහොසතෙක් වන්නට වුවත් දෛවය ඔහුව මෙහෙ කාරයෙක් බවට පත් කොට ඇත. නමුත් තම උරුමය සෙවීම ඔහුගේ යටි හිත තුළ නළියයි.. ඒත් දෛවය ඊට භාදක රැසක් පමුණුවයි. ඔහු සටන් කරන්නේ ඔහුගේ උරුමය වෙනුවෙනි. තවත් පැත්තකින් ඔහුට ආදරණිය සහකාරියකගේ නොමද උණුසුම ලැබේ. වගකීම්, ආදරය, සහ උරුමය... මේ සියල්ල රැක ගැනීමට ඔහුට හැකිවේවිද...




මේ ඔහුගේ කතාවයි.. අද පටන් කොටස් වශයෙන් දිගහැරෙන්නේ .......






"නිර්මාල්"
..The Story of a Boy…

.......................................................................................................................................................................


2

"සුමනා අම්මේ..."

"පුතේ උඹත් අහුවුණා නේද එහෙනම් මේ පඹ ගාලට"

සුමනා අම්මා වයසක කාන්තාවකි. ඇය කුස්සි අම්මා වුවත් පැමිණි මුල් දිනයේ සිටම මම ඇයට සුමනා අම්මා යැයි අමතන්නෙමි. ඇයට වයස අවුරුදු හැටක් පමණ වන්නට ඇත. සුවිසල් බන්ගාලවටම ඇය මහළු වී ඇති බව ඇගේ කතාවෙන් පෙනේ. මල් වැටුන චීත්තයත් සුදු හැට්ටයත් ඇගේ ඇදුමය..

"ඇයි සුමනා අම්මේ එහෙම කිව්වේ..."

"උඹ දන් නෑ බන්.. මන් මෙහෙම උඹට කියන්නේ මට පුතෙක් හිටියානම්  උඹගේ වයස වගේම හිටි කියලා හිතෙන නිසා. කාගේ උනත් උඹත් අම්මා කෙනෙක් ගෙ පුත්‍ර රත්නයක්නේ..".

"සුමනා අම්මා මාව බය කරන්නද හදන්නේ"

"මන් මොකටද බන් උබව බය කරන්නේ. මොකෝ මට මොකෙක් හරි ඇවිත් තෑගී දෙනවද උබව බය කරාම.. මන් කියන්නේ උබෙම හොදට.. සල්ලි වගේ නෙමේ පුතෝ...ඔය ලොකු මහත්තයා අමු කුණා ඔහොම හිටියට. කොච්චර සල්ලි තිබුනත් මදි. මොනවා හරි කරළා හම්බ කරන්න තමයි හදන්නේ. මහත්තයා බැදපු නෝනත් මහත්තායටම හරියන කෙනා. කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ තමයි ඉතින්. එයාට කියන්න ඕනේ කතා කරද්දි මැඩම් කියලා.. එතකොට ඒ දෙන්නගේ පුතා ලොකු බේබී.. උත් ඉතින් අම්මගෙයි තාත්තගෙයිම පුතා. දෝණි ඇන්දා නම් හරි සීදේවි.දැන් ඉන්නෙ එන්ගලන්තෙලුනේ.දැන් අවුරුදු පහක් හයක් වෙනවා ගිහින්.. ඕ ලෙවල් කියන විභාගේ ඉවර වෙලා ප්‍රතිපල ඇවිත් ටික දවසකින් යැව්වනේ ඒ කෙල්ලව. ගෙදරටම සිරියාවකට හිටියේ ඒ කෙල්ල විතරයි. ඔය ඔසරිය අදින ලොකු නෝනාත් ඔක්කෝටම එහා. වාසියක් නැත්නම් කිසිදේකට යන්නේ නෑ.පිණක් කරගන්න ගියත් වාසියකුත් හොයාගෙන තමා උන්දෑ එන්නේ... උඹ මේවා කාටවත් කියලා මාව අමාරුවේ එහෙම දානවා නොවෙයි.." ඇය කට කාරා බුලත් කෙළ පහරක් පඩික්කමට ගැසුවාය.. ඇස් ලොකු කරමින් ඇය සියල්ල කියූ ආකාරය තවමත් මතක් වේ.

"නෑ නෑ සුමනා අම්මේ මන් ඉතින් කාට කියන්නද..."

"උඹගෙන් මරවා මරවා උන් වැඩ ගනී ඔය දෙනවා කියන ගානට වඩා දෙගුණයක්වත් උඹට වැඩ කරන්න වෙයි... බලපන්කෝ හෙට ඔය දෙනවයි කිව්ව වැඩ ලැයිස්තුව දුන්නාම... මන් බොරුද කියන්නේ කියලා..."

සුමනා අම්මා මා අත තේ කෝප්පයක් තැබුවාය...

"හ්ම්... දැන් ඉතින් ඕක බීලා ගිහින් ඇදුමක් එහෙම මාරු කරන් මේ පැත්තට වරෙන්"

"හොදයි සුමනා අම්මා..."

උදේ නිවසින් පැමිණි පසු මම කිසිත් ආහාරයට නොගෙන සිටියෙමි.වෙලාවේ හැටියට මට  තේ පැන් උගුර රස අමුර්ත්‍යක් විය. එක උගුරට තේ ටික බී මම  සෙමෙන් බඩු තිබූ කාමරයට පැමිණියෙමි... ගමන් විඩාවත් එක්ක නිදි මතක් දැනුනත් නිදාගන්න වෙලාවක් නැත. මෙය මාගේ ගෙදර නොවේ . අම්මා සමග කළ සුරතල් මෙහි බැරි බව මම දනිමි. මම මෙතෙන්ට තවත් එක මෙහෙකාරයෙක් පමණි. සැනෙකින් මට අම්මා සිහි විය.අත තිබු කුඩා ජන්ගම දුරකතනයෙන් මම  අම්මාට ඉක්මනින් ඇමතුමක් ගත්තෙමි.

"හෙලෝ අම්මා..."
"මගේ පුතේ ඔහේ පුතාට කරදරයක් නෑ නේද...."
"ඔව් අම්මේ... දැන් අපේ ප්‍රශ්න ටික ටික අඩුවෙයි..."
"හ්ම්ම්ම්... පුතාට හොද තැනක් ලැබුන එකනම් ලොකු දෙයක් පුතේ... ලොකු වැඩක් නෑ නේද කරන්න"
" නෑ අම්මේ හොඳ පුටුවක් උඩට වෙලා කැරකි කැරකි කොමාන්ඩ් දිදී ඉන්න තමයි තියෙන්නේ ඉතින්... ඔක්කොම මෙහෙ අය කරලා දෙනවනේ."
"මගේ පුතාට බුදුසරණයි..."
"එහෙනම් මන් තියන්නම් අම්මේ පස්සේ ගන්නම්කෝ ආපහු"
"හොදයි හොදයි පුතේ"

අම්මාට පුන්චි බොරුවක් පැවසීම ගැන මගේ සිතේ සියුම් කණගාටුවක් විය. “සමාවෙන්න මගේ අම්මේ” මම මටම කියා ගත්තෙමි. නමුත් රස්සාව ගැන ඇත්ත කිව්වානම් කවදාවත් ඇය මා මෙහි එවන්නේ නම් නැත. මගේ සිතේ ඇති සියලු අරමුණු ඉටු කරගැනිමට නම් කට්ටක් කෑ යුතු බව මම සිතා ගත්තෙමි. එසේ සිතමින් සිත හදාගත් මම ඉක්මනින් කොට කලිසමක් හා පරණ කමිසයක් ඇගලා ගෙන නැවත බන්ගලාව දෙසට පියමැන්නෙමි.

"ආ... අලුත් එකෙක්... කොහොමද මචා...මොකද්ද බන් නම"
බන්ගාලවේ පිටුපසට වන්නට නවතා තිබු ට්‍රක් රතයකින් බැස තරුණයෙක් මා ඉදිරියට පැමිණෙන්නට විය.. අවුරුදු 30 ක පමණ පෙනුමක් ඔහුට තිබුණි. ඔහු නිමලේ බව මම පසුව දැනගත්තෙමි.

" මම නිර්මාල්...පත්තරේ දැන්වීමට දැකලා ආවේ රස්සාව නම් හම්බ වුණා අයියේ.. අයියා මෙහෙද.."

"හොදා හොදා... හැබැයි කොල්ලෝ ලේසි නෑ අපේ ලොක්කා අයියා එක්ක... පරිස්සමෙන් හිටපන්... අපි ඉතින් අර ට්‍රක් ඩ්‍රයිව් කරන එක තමා කරන්නේ"

"ආ නිමලේ... ඔන්න ඕකට වත්ත පෙන්නපන්. මූ අලුත් එකෙක්. හැම තැනම පෙන්නපන් අපේ වැඩ ගැනත් පොඩ්ඩක් කියලා දීපන්"

කන්හැන්දක් වැනි යමකින් කණ කසමින් ඉරි වැටුන සරමක් හා කපු කමිසයක් හැද ඉදිරියට ආවේ ලොකු මහත්තයාය.. නිමලේ අයියාගේ  සද්දය අඩු විය. ලොකු මහත්තයා දුටු ඔහු බොහොම යටහත් ලීලාවක් ආරුඪ කරගන්නට ගත වුයේ නිමේෂයකි.මිනිස්සු රගපාන විදිය මට යටිසිතෙන් සිනහය.

"හොදයි ලොකු මහත්තයා..."

"හ්ම්..." ලොකු මහත්තයාගේ හඩත් ගාම්භීරය. ගමනද එසේමය.ඔහු දෙස බලා සිටින විට මට  සිහි වන්නේ මගේ  පියාය.  පියාගේ ගමනද බලා සිටින්නට ආසය.. ගාම්භීරය.

"මොකෝ මලයා කල්පනාව... යමු වත්ත වටේ ටුවර් එකක්..."

"යමු යමු අයියා"

අප දෙදෙනා ඉදිරියට ඇදෙන්නට විය. එම මුලු ඉඩම අක්කර පහක් පමණ ඇත. ඉතා විශාලය. ඉඩම වටා මිනිහෙකුට බලන්නට හෝ බැරි පරිදි ගැසු අඩි අටක් පමණ උස තාප්පයක්ය. එක් පැත්තක විශාල ගරාජයකි..

"මෙතන තමයි කොල්ලෝ ලොක්කගේ බස් ටික නවත්තන්නේ. බස් පහක් තියනවා ඔය පහ හවස හත වෙද්දි මෙතන පාක් කරනවා..
ඒ බස් වලටත් මිනිස්සුන්ට වඩා සැප..”

"අර එහා පැත්තේ පල්ලෙහා තියෙන්නේ වැලි පේනවා නේද... ඒ ලොක්කා ගොඩ දාන වැලි ඔතෙන්ට තමා කෙලින්ම එන්නේ. මිනිහාගෙ වත්ත ඇතුලට ගෙනාවට පස්සේ ඔව්වා ගැන කවුරුත් දන් නෑ.. කොහොමත් කොල්ලෝ ඕවා ලොක්කන්ගේ වැඩ. ඔය පල්ලෙහා නවත්තලා තියන ට්‍රක් එකක් තමයි මාත් එලවන්නේ. ඕවයින් තමයි වැලි ගේන්නේ. තව ලොරි තුනක් තියනවා ඒවයින් තමා බිස්නස් එක කරන්නේ.."

"එතකොට අයියේ මහත්තයා හැම පැත්තම අල්ලලා නේද..."

"ඔව් බන්... අර එහා පැත්තේ තියෙන්නේ හාල් ගබඩාව. මේ පළාතෙම කඩ වලට හාල් සප්ලයි කරන්නේ ලොක්කා තමා. එකත් එක්කම ගෑස් සයිඩ් එකත් ලොක්කගේ. ඒ දෙක තමා ඔය පල්ලෙහා තියෙන ගබඩා දෙක.. ලොක්කා ලක් කාරයා මල්ලි ලොක්කගේ තාත්තත් මරෙනකල්ම හම්බ කළාලු. දැන් ලොක්කත් ඉතින් හම්බ කරනවා."

"එතකොට අයියේ ලොකු මහත්තයා ඔය බිස්නස් ටික විතරද කරන්නේ..."

"පිස්සුද බන් තව හෝටල් පහක් තියනවා. ඒව මෙහෙ නෙමේ එකක් නුවර. තව එකක් යාපනේ. යාපනේ ඒකනම් ලගදි දැම්මේ.. හොටෙල් තමයි ලොක්කගේ තාත්තත් කරලා තියෙන්නේ. තව ඔය අවුරුදු ගාණකට කළින් කොම්පැනියක් ඇල්ලුවාලු. එකෙන් හෙන කුට්ටියක් ලැබිලා ඒකෙන්ලු ඔය යාපනේ හෝටලේ ඕපන් කරේ.ඕවා ඉතින් අපිත් හරියට දන් නෑ බන්..තව හන්දියේ බාර් දෙකක් අපේ ලොක්කගේ. එතකොට සෙඩ් එකත් හන්දියේ... ලොක්කාගේම තමා."

"අම්මා.... එහෙමද සල්ලි කදක් නේද අයියේ එහෙනම්.."

"ආයිත් අහලා... පින් කදක්... එකනේ බන් ඔච්චර සල්ලි... හරි බන්.. වෙලාවක සෙට් වෙලා බජ්ව්වක් දාමුකෝ...එහෙනම් මන් කැපුනා ඔන්න"

“හරි අයියේ එහෙනම්” මම ඔහුට සමුදුන්නේ සැලියුට් එකක්ද ගසමිණි.

වෙලාව දවහල් දෙකට කිට්ටු කර ඇත.. මම කුස්සිය පැත්තට පියනැගුවේ බඩගින්නක්ද දැනුන නිසාය..

"කොල්ලෝ උඹ ආවද... අන්න බත් එක බන්කුව උඩ"

"බොහොම ස්තූති සුමනා අම්මේ"

අම්මාගෙ බත් කටේ රසය වෙනස් වුනත් බඩගින්න තරමට එය දිව්‍ය බොජුනක් විය. බත් ටික විගහට ගිල දැමු මම එක හුස්මට වතුර ජෝග්ගුවක්ද බිව්වේය. මගේ මේ හදීසිය දැක සුමනා අම්මාටද හිනාය..

"මොකෝ බන් නිකන් හාමතේ ඉදලා වගේ"

"සුමනා අම්මාගේ කෑම ටිකේ රසට තමා..."
ඇයට සිනහය. සුවිසල් මාලිගාක තනි වූ මා හට සුමනා අම්මාගේ කරුණාව විශාල ත්‍යාගයක් විය. කුමන හෙතුවකටදෝ මා පැමිණි පළමු දිනය වුවත් ඈ එදිනද මා හට බොහෝ ලෙන්ගතු විය.

"සුමනා.... සුමනා....” ඒ ලොකු නෝනාගේ හඩය..

"නොද...කින්... ඔන්න අඩගහනවා. ඇබිත්තක් ඉන්න දෙන් නෑ.. මේ එනවා ලොකු නෝනා... මන් ගිහින් එන්නම් එහෙනම් උඹ ඔය මෙසේ උඩ තියන කෙහෙල් ගෙඩියකුත් කාපන්"

"සුමනා අම්මා ගිහින් එන්න" මට තනිවම හිනාය. සුමනා අම්මාත් ලොකු නෝනා එක්ක හරහටමය..

ගිය පයින්ම ඇය ආපසු පැමිණෙයි..

"අන්න උඹට කතා කරනවා ලොකු නෝනා"

"ආ... මන් යන්නම් සුමනා අම්මේ..."

"ලොකු නෝනා මන් ආවා".

"ආ උඹ ආවද... මෙන්න උඹේ වැඩ ලැයිස්තුව. අද අයිස් ගැහුවට කමක් නෑ... හෙට ඉදන් ඕවා කියලා තියන වෙලාවටම වෙන්න ඕනේ..අනිත් එක උඹව ගත්තේ මගේ උවමනාවට... උඹ මන් කියන දේකින් පිට යන්නේ නෑ. "

"හොදයි ලොකු නෝනා. "
“හා දැන් පලයන් ඉතින්..”

මම ඇගේ අණට කීකරු උනෙමි. මොනවා වුවත් මා රැකියාවට ගත්තේ ඇයය . මම සෙමෙන් කුස්සිය දෙසට පිය මැන්නෙමි.

"මෙන්න සුමනා අම්මේ සුමනා අම්මා බලන් හිටපු ලැයිස්තුව..."

"කෝ දීපන් බලන්න... කෝ ඉතින් ගත්තට අකුරු කියවන්න පුලුවන් එකක් ඈ... කියවපන් උඹම මටත් ඇහෙන්න"

"
උදේ 5ට අවදිවීම
උදේ 5.30 වනවිට ලොකු මහත්තයාගේ හා ලොකු බේබිගේ වාහන සෝදා පිස දැමීම.
7.00ට හන්දියට ගොස් පත්තර ගෙන ඒම.
7.30ට උදේ ආහාර ගැනීම.
8.00 ට හාල් ගබඩාවට හා ගෑස් ගබඩාවට ගොස් ඒ වැඩ සදහා අවශ්‍ය උදව් කිරිම
11.00 වනවිට බල්ලන් දෙදෙනා නාවා කූඩූ පිරිසිදු කර ආහාර ලබා දීම.
1.00 දහවල් ආහාරය
2.00 සිට 6.00 වනතුරු ලබා දෙන ඕනෑම වැඩක් කළ යුතුය.
6.00 බස් රථ අතු ගා පිරිසිදු කිරිම.
රාත්‍රී 9.00 සිට පාන්දර දෙක දක්වා 1.00 දක්වා ගේට්ටුව මුර කළ යුතුය.
ඉහත කටයුතු ඕනෑම වෙලාවක වෙනස් විය හැකිය..

ඔන්න ඉවරයි සුමනා අම්මේ"

"මන් කිව්වේ බොරුද... බලපන් නිදගන්නවත් දීලා නැති හැටි මේ ගෑණී...මුරකාරයා සිරිදෝරිස්... නාකියි දැන්... මිනිහට රෑට නින්ද යනවා ඕක තමා ඔය උබව දාලා තියෙන්නේ ඒකට...  මොකද ලොකු නෝනා කැමති නෑ අර සිකුරුටි කියලා මොකද්ද කොම්පැනියකින් මුරකාරයෝ ගේනවට. උන්ව විශ්වාස නෑලු. ඒ නිසා ඉස්සරහා ගේට්ටුව සිරිදෝරිස් අයියම තමා මුර කරන්න ඕනේ. දැන් ඒ වැඩේ තමා ඔය උබට බාර දීලා තියෙන්නේ ඔය "

"ඔහොම තමයි සුමනා අම්මා දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී කියලා කියන්නේ...අහලා නැද්ද එහෙම...."

මම සෙමෙන් මිදුල දෙසට පියමැන්නෙමි. එත් සමගම විශාල සුදු පැහැති ටොයෝටා ලෑන්ඩ් කෘසර් ප්‍රාඩෝ රථයක් ගේට්ටුව ඉදිරිපිට නතර කොට හෝන් ගහන්නට විය. මම හනික ගොස් ගේට්ටුව හැරියෙමි. රථයෙන් බැස ආවේ සුනිත්‍රා මැඩම් යැයි මට දුටු විට සිතුනි. මැඩම් යනු ගජබාහු ලොකු මහත්තයාගේ නෝනාය. ඇය පෙනුමින් ඉතා පැහැපත්ය. ඇගේ ගත ඉතා හැඩය. ලුන්ගියකට කුර්තාවක් හැද සිටි ඇය අව්කන්නාඩිය ගලවමින් ගෙට ගොඩ විය..

“ආ.. ඔයා කලින්ම ඇවිත්නේ සුමිත්‍රා.. මන් හිතුවේ වාහනේ එවන්න කිව්වට තව පැය දෙක තුනක් යයි කියලා.”
“මේ ඒක නෙමේ..කවුද අර ගේට් ඒක ඇරිය කොල්ලා. මන් දැකලා නැනේ මිට කලින්..”
“ඔය... අපේ අම්මගේ අලුත් වැඩකාර කොල්ලා..”
“එහෙම හිතුමතේට ගන්න පුලුවන්ද සර්වන්ට්ලා ” ඇය දෙයත් බැදගනිමින් පැවසුවේ කේන්තියෙනි.
“අම්මා හොයලා බලලා අරන් තියෙන්නේ සුමිත්‍රා. කුලේ හොදයිලුනේ..ඔයා කලබල වෙන්න ඕනේ නෑ..” ඔහු නක්කලයට මෙන් සිනාසෙමින් පවසන්නට විය.

“ඇයි දැන් කාටද මගේ තේරීම ගැන ප්‍රශ්නයක් තියෙන්නේ. ” දෙයත් දෙක පිටුපසට බැද ගනිමින් පැමිණියේ ලොකු නෝනාය.

“නෑ අම්මා එහෙම දෙයක් නෑ. මේ සුමිත්‍රා කවුද කියලා ඇහුවා අලුත් එකා..”

“ඒක මිසක්.. එහෙනම් කමක් නෑ..”
සුමිත්‍රා මැඩම් බොහෝ කේන්තියෙන් බව පෙනුණි.

“අම්මලා පුතාලා ඕනේ එකක් කරගන්න එකයි ඇත්තේ..”
ඈ ලොකු නෝනා දෙස ගස්සා බලමින් ගෙතුලට වැදුනාය.

මතු සම්බන්ධයි...

0 comments:

Post a Comment

Copyright © 2016 ස්වර්ණමා All Right Reserved