Must Read

Wednesday, July 27, 2016

"නිර්මාල්"... THE STORY OF A BOY - 07

****************************උපුටා ගැනීමෙන් වලකින්න*********************************

ඔහු කඩවසම් තරුණයෙකි.. උරුමය පොහොසතෙක් වන්නට වුවත් දෛවය ඔහුව මෙහෙ කාරයෙක් බවට පත් කොට ඇත. නමුත් තම උරුමය සෙවීම ඔහුගේ යටි හිත තුළ නළියයි.. ඒත් දෛවය ඊට භාදක රැසක් පමුණුවයි. ඔහු සටන් කරන්නේ ඔහුගේ උරුමය වෙනුවෙනි. තවත් පැත්තකින් ඔහුට ආදරණිය සහකාරියකගේ නොමද උණුසුම ලැබේ. වගකීම්, ආදරය, සහ උරුමය... මේ සියල්ල රැක ගැනීමට ඔහුට හැකිවේවිද...






මේ ඔහුගේ කතාවයි.. අද පටන් කොටස් වශයෙන් දිගහැරෙන්නේ .......





"නිර්මාල්"
..The Story of a Boy…

.......................................................................................................................................................................

7
රෑ බෝ වී තිබේ. තන්ගච්චිගේ මුහුණ මැවී පෙනේ. ඇයගේ ආත්මයට හෝ සැනසීමක් නොලැබෙනු ඇත. මා සෙමෙන් කුස්සිය පැත්තට පිය මැන්නෙමි.කෙනෙක් මැරුණාද කියා හෝ සලකුණක් පිළිකන්නේ නැත.
“සුමනා අම්මේ..”
“උඹව දවල් දැක්කට පස්සේ දැනුයි දැක්කේ.. මොනවා හරි කනවද..”
“එපා සුමනා අම්මේ. මගේ හිතට හරි නෑ.”
“හ්ම්.. උඹට ඕක තමා මම මුලින්ම කිව්වේ. උඹත් දැන් මේකට පැටලිලා ඉවරයි. දැන් ඉතින් කරබාගෙන හිටපන්. මේවා ඇස් වලින් දකින්න උන ඒක අපෙත් කරුමේ.”
“හ්ම්ම්ම්.. මන් ගිහින් එන්නම් සුමනා අම්මේ..”
“බත් ටිකක් කාලා පලයන්. නැත්නම් රෑට බඩගින්නේනේ.”
“එපා සුමන අම්මේ. හෙටම කමු දැන්..”
මම නැවතත් මුරකුටියට පැමිණියෙමි. මුරකුටිය අසල සිරිදෝරිස් මාමය.
“කොල්ලෝ හිතේ අමාරුවෙන් වගේ..”
“ඔව් සිරිදොරිස් මාමේ.. හිතට හරි නෑ..”
“ඔහොම තමයි බන්... උඹට ඕවා තව ටික කලක් ගියාම හරියයි. වරෙන්කො ඇතුලට මන් උඹට හොද බෙහෙතක් දෙන්නම්..” ඔහු වෙව්ලමින් මුරකුටිය තුලට පැමිණ වාඩි විය.
“වාඩි වෙයන් උබත් මෙහෙන්” මේසය අසල තිබු පුටුවෙන් මාත් ඉදගත්තෙමි. ඔහු ඉණ ට ගසා සගවාගෙන පැමිනි බ්‍රවුන් පේපර් කවරයක දැමු යමක් මේසය උඩින් තබන්නට විය. තැබූ ලීලාවෙන් එය කුමක් දැයි වටහා ගැනීමට මට හැකිවිය.
“අපෝ මාමේ. මේවා මන් පාවිච්චි කරන් නෑ ”
“පොඩඩක් පාවිච්චි කලාට වැරද්දක් වෙන් නෑ බන්. මාත් උබේ වයසේදී මෙව්වා පාවිච්චි කොරේ නෑ.”
විදුරු දෙකක් ගෙන ඔහු බෝතලය විදුරු දෙකට වක් කරන්නට විය. වතුර හෝ කලවම් නොකට ඔහුගේ වීදුරුව ඔහු ගිල දැම්මේ මා පුදුම කරමිනි.
“මාමේ ඔහොම හොදද බොන්න..”
“මට පුරුදුයි බන්.. උබ ඕකට වතුර ටිකක් කලවම් කරගෙන බී හන්”
“මාමා බොන්න මාමේ..”
“ටිකක් බිහන් බන් එතකොට ඔය හිතේ ප්‍රශ්න ඔක්කොම හරියනවා.”
ඔහුගේ බලවත් පෙරත්තටම ඒක උගුරට වීදුරුව කටට වක් කර ගත්තෙමි. උගුර පිච්චි යනවා සේ දැනුනි. තිත්ත රසට කටද කාරා යයි.
“මෙන්න මේ ටිකකුත් කාපන්..” ඔහු කුඩා මුරුක්කු පැකට්ටුවත්ද මා වෙත දික් කළේය. එයින් ටිකක් ගෙන කටට දාගත් පසු කටේ තිබු අව රසය පහව ගියේය.
“කොහොමද හොදයි නේද.. ම්ම් .. මේකත් බීපන්. මෙව්වා දිව්‍ය ඖෂධ..” ඔහු තවත් වීදුරුවක් වක් කරන්නට විය. හිතේ තිබු වේදනාවට මමත් එය අමුවෙන්ම කටට හලා ගත්තෙමි. හිතේ තිබු වේදනාව පිච්චි ගියා වැනිය.
“මා....මේ... දැන් නම් ඇති ව...ගේ..” මට ඔහුව පෙනෙන්නේද ඩබල් විය. නමුත් මා විදුරු දෙකක් හිස් කරන විට ඔහු සම්පුර්ණ බෝතලයම අවසන් කොට තිබුණි.
“හ්ම්. ඔව් උඹට ඇති දැන්. උඹේ හිතට හොදයි නේද කොල්ලෝ දැන්..  උඹ... දන්නවා....ද මගේ කෙල්ල....මගේ එකම දරුවා... ඒකිව නැති කලෙත්.. ඔය ගජ බාහුවා බන්.. ඒකි මැරුණට පස්සේ මගේ ගෑනිත් වහ කාලා මළා. උන් නැති දුක මට... නැති කරගන්න.. උදව්.. ක...ලේ  මේ... මිත්‍රයා... විතරයි.. උඹට.. තේ..රුනාද..”
“ඇයි මාමේ ... ඒ .... මොකද උනේ මාමගේ... මාමගේ දුවට..”
“ඔය ගජබාහුවා... කොල්ලා.... කාලේ.. මගේ.. ප...ණ මගේ පණ ...  මගෙන් උදුරගත්තා... බන්.. උන්ගේ තාත්තා මන් ලව්වම ඒකිව.. වත්ත... පහල. වැලලුවේ .. මට තාම මතකයි බන්..ඒකිව මන් වලලපු හැටි.. මගේ එකම දරුවා බන්. මගේ ඇස් දෙක.. මන් ජිවත් වෙන්නේ ඒකිව මරපු පලිය මුන්ගෙන් ගන්න.. නැත්නම් මන් ගෑණි වහ කාලා මරුන දවසෙම මමත් මැරෙනවා බන්.. උඹ .....දන්නවද.. එදා තමයි... මම මුලින්ම.. මෙයා ගාවට ආවේ.. එදා ඉදන් මගේ මිත්‍රයා... මෙයා..”
ඔහු බෝතලය බදා ගනී..
“උඹ මතක තියාගනින්... මන් අද කිව්වයි කියලා.. කවදා හරි ඔය ගජබහුවා .... වල කජ්ජ ගහන්නේ මගේ අතින්... උබ මතක තියාගනින් ඒක... හරිද කොල්ලෝ...”
ඔහුගේ හදවතේ විශාල දුකක් සගවාගෙන සිටින බව මට හැගුණි. දැන් නම් ඔහුට කෙලින් හිට ගැනීමද තරමක් අපහසුය. මගේද හිස කැරකෙ. මම ඔහුව මගේ ඇදෙන්ම හාන්සි කෙරුවෙමි.හාන්සි වූ විගසම ඔහු ගොරොද්දය අදින්නට විය. මට ඔහු පිලිබදව අනුකම්පාවක් සිතුණි.
“ඔය සේරටම මන් සාධාරණේ ඉෂ්ඨ කරන්නම් මාමේ..” ඔහු දෙස ටික වේලාවක් බලා හුන් මම සෙමෙන් කීවෙමි. මටත් දැන් නම් කෙලින් සිට ගැනීමට නොහැකි සේ දැනුණි. පුටුවත් බරවී බිම වැටෙනවා පමණක් මට දැනුනි.
මා අවදි වූයේ සුමනා අම්මාගේ හඩිනි. මා වෙනදා මෙන් නොපැමිණි නිසා ඇය මා සොයා පැමිණ ඇත.
“අපේ අප්පේ මේ මොකද්ද බන් උඹ ඊයේ කොලේ.උඹට කොහෙන්ද ඔය ජරාව. මට ඇයව පෙනෙන්නේ බොද විය.”
“සුමනා අම්මේ... කොහෙද මන් මේ..”
“නැගිටපන් ඔතනින් උඹ වමනේ ගොඩක් උඩ ඔය යස අගේට නිදාගෙන ඉන්නේ..”
“මොකක්..” ඊයක වේගෙයෙන් මම නැගිට උන්නෙමි. හිසේ සිට සැමතැනම වමනේය. මටම ඔක්කාරයට එයි. ඔලුවද උස්සන් සිටීමට නොහැකි සේ බරවී ඇත.
“පලයන් ගිහින් නාගනින්.. මන් මේ ටික අස් කරලා දාන්නම්..”
“මන් අස් කරන්නම් සුමනා අම්මේ..”
“කටපියාගෙන පලයන් දැන් ගන්දස්කාරේ බෑ. නාගෙන වරෙන්.”
ඇය මා එලියට තල්ලු කරමින් මුරකුටිය තුලට පැමිණියාය.
“මන් හිතුවා උඹේ කටෙත් ඔය ජරාව හලන්න ඇත්තේ මේ වසවර්තියා තමයි කියලා. වයසට ගිහින් වත් මුන් හැදෙන් නැති හැටි.. තුහ් නොදකින්..” ඇය කෑ ගසන්නට විය. මම සෙමෙන් සේවකයන්ගේ නාන කාමරය වෙත පියමන්නෙමි. කළුවර මකමින් හිරු එලිය ටිකෙන් ටික පැමිණෙමින් තිබේ. බංගලාවේ නම් කිසිදු හැළ හොල්මනක් නැත. පොහෝ දිනය නිසා සැවොම තවම නිදි විය යුතුය. ෂවර් එක යටට ගොස් ඔලුව ඇල්ලු විට මුළු ඇගම කිලිපොලායන්නට විය. වතුර ඉතා සීතලය. වමනේ ගද පහව යනතුරු නාන්නවට වීමි.ඔලුවේ බර ගතියනම් කිසිම අඩුවක් නැත. තුවායත් හැද එලියට පැමිණෙන විට සුමනා අම්මා කුස්සිය පැත්තට පැමිණෙන්නට විය.
“ඔහොම්මම වරෙන් මන් කොපි එකක් හදලා දෙන්නම්”
“නෑ සුමනා අම්මේ මන් ඇදුමක් දාන්ම එන්නම්. සීතලයි ඉන්න බෑ.”
“හ්ම්.. උඹේ කැමැත්තක්.”
මා මුර කුටියට පැමිණෙන විට ඇය සියල්ල සුද්ධ පවිත්‍ර කොටය. ඇය ගිහින් ඇත්තේ වමනේ ගද යන්නට හදුන්කුරකුත් පත්තු කරය.ඇය ගැන අනුකම්පාවක්ද ඇති වුණි. සිරිදෝරිස් මාමා තවම ගොරෝද්දේ අදී. ඔහුට එහෙම්මම සිටින්නට හැර ඇදුමක් දා ගත් මම කුස්සිය පැත්තට ගියෙමි.
“සුමනා අම්මේ තරහෙන්ද මා එක්ක...”
“මන් මොකටද උඹත් එක්ක තරහා වෙන්නේ. බීපන් මෙන්න මේක. දෙහි ගෙඩියකුත් මිරිකලා දාලා තියෙන්නේ.”
“බොහොම ස්තුති සුමනා අම්මේ..”
“හ්ම්...” ඇය තවමත් මා සමග නොක්කාඩුවෙන්ය.
“තන්ගච්චි නැතුව පාලුයි නේද කුස්සියම සුමනා අම්මේ..”
“හ්ම්.. එකී ගෙනාපු ආයුෂ ඉවරයි බන්. මොනවා කරන්නද.. ඒකට ඉන්න උන් ආයුෂ අඩු කරන් හරියන් නෑ..”
“ආපහු නෑ සුමනා අම්මේ..”“හ්ම්.. දැන් ඉතින් ඕක බීලා මේ රොටියත් කාපන්..” මා ඇය දුන් රොටිය අතට ගත්තෙමි. රොටියත් සමග මාමයිට් පොඩ්ඩකුත් ඇය රොටියෙන් තිබ්බාය.
“ලුණු මිරිස් අද කන්න එපා.ඔය ජරාව බිලා ලුණු මිරිසුත් කෑවොත් උබේ පපුව දැවිල්ල ගනී ටිකක් වෙලා යද්දී.” දැනටමත් මගේ පපුව දැවිල්ලය. නමුත් ඇයට කිසිත් නොකීවෙමි.අම්මා කෙනෙක් මෙන් ඇය මා හට සලකයි. තවත් ඇයට කරදර කළ නොහැකිය.
“බයවෙන්න එපා සුමනා අම්මේ ඕක මට එච්චර ගානක් නෑ.”
“මට තේරුණා උබට ගාණක් නෑ කියලා.වමනේ ගොඩ උඩ නිදාගෙන ඉන්නකොටම.”
ඇය කියූ දෙයින් මා හට පොලොව පලා යාමට සිතුණි.මටම හිනාය.
“ආපහු නෑ සුමනා අම්මේ.. ” ආයාසයෙන් සිනහව නතර කරගනිමින් මම පැවසුවෙම්.
“උබ කාලා ඉවරනම් මේ තේ ටික ගිහින් දීපන් ලොකු මහත්වරුන්ට.. පුළුවන් නේද උඹට..”
“මන් කරන්නම් සුමනා අම්මේ කෝ දෙන්න...” දැන් වෙලාව උදේ හතය. තවම බංගලාවේ කවුරුත් අවදිවී නැත. සුමනා අම්මා දුන් තේ බන්දේසියත් රැගෙන සාලයට ගියෙමි. ලොකු නෝනා නම් උදේම සුදු ඔසරියකින් සැරසී සිටි.
“මෙන්න ලොකු නෝනා තේක..”
“ඔහොම තියලා පලයන්..”
“හොදයි ලොකු නෝනා..” ඇයගේ මුහුණේ වෙනදා මෙන් ප්‍රාණවත් බවක් නොමැත..
“අසනිපෙන්ද ලොකු නෝනා..”
“උඹට වැඩක් නෑනේ ඒ පණ්ඩිතකම්.. පලයන් යන්න.”
“සමාවෙන්න ලොකු නෝනා..”
“ මටත් කට පියන් ඉන්න බැරි එකට හොද වඩේ..” මම මටම කියා ගත්තෙමි.
“උඹ මොනවද කෙදිරිගාන්නේ..”
“නෑ නෑ මුකුත් නෑ නෝනා..”
“හ්ම්.. ඔය තේ ටික බෙදලා මෙහෙ වරෙන් පොඩ්ඩක්”
“හොදමයි ලොකු නෝනා.”
සියලන්නටම තේ ටික බෙදුවෙමි. ලොකු නෝනා කතා කළේ කුමටද කියා නොදනිමි. නමුත් ඉතින් හොදකටම නොවන බව හොදින්ම දනිමි.
“ලොකු නෝනා.. මන් ආවා..”
“හොද ඇදුමක් දාගෙන් වරෙන්.. පන්සලට යන්න”
“හොදමයි ලොකු නෝනා...” 

0 comments:

Post a Comment

Copyright © 2016 ස්වර්ණමා All Right Reserved