Must Read

Tuesday, July 26, 2016

"නිර්මාල්"... THE STORY OF A BOY - 05

****************************උපුටා ගැනීමෙන් වලකින්න*********************************

ඔහු කඩවසම් තරුණයෙකි.. උරුමය පොහොසතෙක් වන්නට වුවත් දෛවය ඔහුව මෙහෙ කාරයෙක් බවට පත් කොට ඇත. නමුත් තම උරුමය සෙවීම ඔහුගේ යටි හිත තුළ නළියයි.. ඒත් දෛවය ඊට භාදක රැසක් පමුණුවයි. ඔහු සටන් කරන්නේ ඔහුගේ උරුමය වෙනුවෙනි. තවත් පැත්තකින් ඔහුට ආදරණිය සහකාරියකගේ නොමද උණුසුම ලැබේ. වගකීම්, ආදරය, සහ උරුමය... මේ සියල්ල රැක ගැනීමට ඔහුට හැකිවේවිද...




මේ ඔහුගේ කතාවයි.. අද පටන් කොටස් වශයෙන් දිගහැරෙන්නේ .......







"නිර්මාල්"
..The Story of a Boy…

.......................................................................................................................................................................



5

“සුමනා අම්මේ බඩගිනි දැන් නම් යක්කු දහයක් කන්න..”
මම කුස්සිය වැදුනෙමි.
සුමනා අම්මා වෙනුවට කුස්සියේ කෙල්ලෙකි.මේ නම් සුමනා අම්මා පේර දිනයේ කියූ කෙනා විය යුතුය.
“ඔයා කවුද?”
මම ඇය බය කරනා අදහසින් ඇසුවෙමි..
“මහත්තියා කවුද..”
ඇය මගෙන් අසයි. මේ නම් අර සුමනා අම්මා කියූ ලැයිම් කෙල්ලමය.දැන් නම් හොදටම විශ්වාසය...
“ආ... මන් උයාව දන්නවා” මම ඇගේ උරුවෙන්ම කිවේ ඇයට කොලොප්පමටය.
“ඒ කොහොමද මාත්තියා මාව දන්නේ.. සුමනා නැන්දේ.. කවුද මාත්තියෙක් ඇවිත්..”
ඈ එලියට දුවගොස් කෑ ගෑවාය.
“මොකක් මොන මහත්වරුද බන් මේ කුස්සියට එන්නේ. උබ දවල් හොල්මනක් දැකලා”
ඈ ටැප් එක ලග වළන් සොදමින්ම කෑ ගැසුවාය.
“සුමනා අම්මේ මේ මන්.” මම පැවසුවෙමි..
“ආ උබද.. උබගේ බත් ඒක ඔය පිගානෙන් වහලා ඇති කොල්ලෝ අරන් කාපන්, කෙල්ලේ ඔය අලුතින් වැඩට ආපු කොල්ලා.”
“හොදයි සුමනා අම්මේ. මෙන්න මෙයා මට බයවෙලා. ගගෙන් ගත්ත මාළුවා වගේ ගැහෙනවා.”
ඇයට ලජ්ජා සිතු බව පෙනුණි. ඇය මුහුණ නොපෙන්වාම නැවත කුස්සියට ගොස් වැඩ කරන්නට විය.

මම බත් එක ගෙන කැවෙමි. උදේ සිට බඩගින්නේ සිටි නිසාදෝ ඒක පාරට කෑම ටික සිරවුණි. මගේ ඇස දෙකෙන් කදුළු පිට වුණි.
“උම්හ් උහ්ම්ස් උහ්ම්ස්...”
ඈ මා දෙස බැලුවාය. මා දුටු විට මට සිදු වී ඇති දේය තේරුම් ගන්නට ඇතිය.ඉක්මනින් වතුර කෝප්පයක් ගෙනවිත් මා අත තැබුවාය. ඔලුවටද තට්ටු කර පිබින්නට විය. ටික වෙලාවකින් මා පියවි තත්වයට පැමිණියෙමි.

“බොහොම ස්තුති නංගි” මම පැවසුවෙමි.
“ඒක මොකක්ද මාත්තියා.” ඇය මා දෙස සිනාසෙමින් බලා කීවාය.
“මට අයියා කියන්න මාත්තියා කියන්න එපා..”
මම ඇයට කීවෙමි.ඇය අයියා කියන්නට උත්සහ කරත් උච්චාරණය ඇයට අපහසුය.
“අයියා නෙමේ අන්නා කියන්න මම ඔයාට තන්ගච්චි කියන්නම්..” මම පැවසුවෙමි. ඈ මල් සිනාවක් පෑවාය.
“හොදයි අන්නා..”
 “මොකද්ද තන්ගච්චි නම ඔයාගේ.”
“නන්දනී අන්නා”
“ආ නන්දනී.. ලස්සනයිනේ...”
ඈ ලජ්ජාවෙන් ඇඹරුනාය.
ඈ පියකරුය. මගේ නංගිට වඩා අවුරුදු තුනක් පමන වැඩිමාලු නමුත් ඇය දුටුවිට සහෝදර හැගීමක් මා තුල උපන්නේ ඉබේටමය.

ඉක්මනින් බත් ටික කා ඉතුරු වැඩට යායුතුය. බලු කුඩුවද සෝදා පිරිසිදු කළ යුතුය. ඊට කලින් හාල් ගෝනි පැටවීමට උපකාර විය යුතුය. දැන් ඒ වැඩේ කළ යුතුය. හාල් ගෝනි පැටවීම ලේසි පහසු කටයුත්තක් නොවේ. කිලෝ පනහක් බර ගෝනි කොන්ද උඩට පැටවූ පසු එය ඔසවා ගෙන ලොරිය අසලට යා යුතුය. ලොරියේ අයියා ඒවා ලොරියට පටවා ගනී. පැය දෙකක් පමණ යන විට ලොරි රථ තුනටම හාල් ගෝනි පටවා අවසන් කිරීමට හැකි විය. අප පස් දෙනෙක් ගෝනි පටෙව්වෙමු. දැන් නම් හොද ගණන්ය. කොන්ද කෙලින් කරගන්නටද අපහසුය. අනිත් අයටනම් මෙය පුරුදු නිසා එතරම් අපහසුවක් නැත. නමුත් මෙතරම් බරක් මා මිට පේර ඔසවා නැත. කොන්ද දෙකට කැඩී ඇති සේයාවක් දැනේ. අප සැමට තේ  ගෙනාවේ නැන්දනිය.

“මොකෝ අන්නා.. කොන්ද අල්ලන් රිදෙනවද? තෙල් ටිකක් ගාන්නද මන් අන්නගේ පිටේ?”

“අපෙත් කොන්ද රිදෙනවා බන් ගාපන්කෝ තෙල් ටිකක්..” අනිත් කොල්ලන් ඇයට විහුලු කරන්නට විය.

“විහුලු කරන්න එපා මාත්තියා. මේ මාත්තියාට ඕවා පුරුදු නැති පාටයි..” ඇය තේ ටික දෙමින් පවසන්නට විය.

“උබට ඒ පැහිච්චකම් ඕනේ නෑනේ. උබ උගේ පිටේ තෙල් ගානවා නම් අපෙත් ගාපන්”

“නෑ නෑ තන්ගච්චි මට එහෙම අමාරුවක් නෑ.” මම ඇය බේරා ගත්තෙමි..

“අප්පට බෝල මේ බලහල්ලකෝ මු ආවා විතරයි ගිහින් තියන් උඩ..” ඔවුන් එන පොට හොද නැති බව පෙනේ.

“මන් ගිහින් එන්නම් එහෙනම්.. බලුකුඩුව අස් කරන්න ඕනේ.”

“බලු කුඩුව අස් කරන එකා එක්ක මොන කතාද බන්.. ”
ඔවුන් මහා හඩින් සිනාසෙන්නට විය.

මට තද කේන්තියක් දැනුනි. නමුත් ඔවුන් මෙහි දිගු කාලයක් පුරා සේවය කරන්නන් විය. ඔවුන්ට ඉහලින් කතා කිරීම මගේ මරණය ලං කර ගැනීමක් වැනිය. මම ඉවසිය යුතු බවට අදිටත් කරගත්තෙමි.
මගේ කොන්දෙන් ඉවසිය නොහැකි වෙදනාවක් දැනේ. එනමුත් පැවරු වැඩ කොටස අවසන් කළ යුතුය. එම කුඩුවේ රොට්වයිර වර්ගයේ බල්ලන් සතර දෙනෙකි. ලං වූ විගසම ඔවුන් මා හට වේගයෙන් බුරා පනින්නට විය. ඔවුන් මෙල්ල කර ගත යුතුව ඇත.

“පලයන් අහකට.. මුන් මිනි මස් කන ජාතියේ උන් ” ඒ ලොකු බේබිය.

“රෙක්සි, රොමි,ශේරෝ,සීනා ෂටප් ඇන්ඩ් කම් හියර්...”
බේබි මහත්තයාගේ හඩ ඇසු විගසම ඔවුන් මීයට පිම්බාක්මෙන් නිශ්ශබ්ද විය.ඔහු මුඛ ආවරණ කිහිපයක් ගෙනවිත් තිබුණි.සුනඛයන් හතරදෙනාටම මුඛ ආවරණ දමා බෙල්ලට පටියක්ද දමා ඔවුන් සතර දෙනා ඇවිදවිමට එක්ක ගියේය.
ඉන්පසු මම කූඩුව සෝදා පිරිසුදු කළෙමි. වැඩේ අවසන් වෙනවත් සමගම වාගේ ඔහු සුනඛයන් හතර දෙනා රැගෙන නැවත පැමිණියේය.

“ම්ම්.. මේ හතර දෙනාව පොඩ්ඩක් අවිද්දවාපන්...”
“හොදයි ලොකු බේබි...”

ඔවුන් රැගෙන මම වත්ත පුරා ඇවිද්දෙමි. කාලය ඉක්මනින් ගෙවී යයි. දැන් රාත්‍රිය උදා වීමටද කිට්ටුය. බල්ලන් සතර දෙනාගේ මුඛ වාඩම් ගලවා ඔවුන් නැවත කුඩුවට දැම්මෙමි. ඔවුන් තරමක් මා හට කීකරු වූ බව පෙනෙන්ට තිබේ.ඔවුන් හොදින් මිතුරු කරගත යුතු බව මගේ සිත කියන්නට විය..

0 comments:

Post a Comment

Copyright © 2016 ස්වර්ණමා All Right Reserved