Must Read

Monday, July 25, 2016

"නිර්මාල්"... The story of a boy - 04

****************************උපුටා ගැනීමෙන් වලකින්න*********************************

ඔහු කඩවසම් තරුණයෙකි.. උරුමය පොහොසතෙක් වන්නට වුවත් දෛවය ඔහුව මෙහෙ කාරයෙක් බවට පත් කොට ඇත. නමුත් තම උරුමය සෙවීම ඔහුගේ යටි හිත තුළ නළියයි.. ඒත් දෛවය ඊට භාදක රැසක් පමුණුවයි. ඔහු සටන් කරන්නේ ඔහුගේ උරුමය වෙනුවෙනි. තවත් පැත්තකින් ඔහුට ආදරණිය සහකාරියකගේ නොමද උණුසුම ලැබේ. වගකීම්, ආදරය, සහ උරුමය... මේ සියල්ල රැක ගැනීමට ඔහුට හැකිවේවිද...




මේ ඔහුගේ කතාවයි.. අද පටන් කොටස් වශයෙන් දිගහැරෙන්නේ .......







"නිර්මාල්"
..The Story of a Boy…

.......................................................................................................................................................................


4

දුරකථනය නාද විය.. මා උඩ ගොස් ඇහැරුණි.වෙලාව පාන්දර තුනයි. කවුද මේ පාන්දර කතාකරන්නේ... නැවතත් දුරකථනය නාද වේ.
“සදලි” දුරකතනයේ මගේ මිතුරියගේ නමයි.

“හෙලෝ...”
“හෙලොව් නිදගෙනද හිටියේ........”
“නෑ ආච්චි.. මන් මේ පාන්දර ඇහැරිලා. මොකද මේ මහ රෑ කවදාවත් නැතිව”
“අපිට රෑ නෑ. ඔයාට රෑ වුණාට. කතා කරන්න එපා නම් මන් තියන්නද..??”
“නෑ නෑ දැන් ඉතින් කියලම තියන්න..”
“ආ දැන් මන් වදයක්ද...”
“ඔව් අනේ.. කියන්නකෝ ඉතින් දැන්..”
“මම ලංකාවට එනව නෙස්ට් වීක්”
“මොකක් ඔය ඇත්තනමද?”
“ඔව්ව්ව්.... ඇයි හොද නැද්ද”
“කොච්චර හොදද... ශෝක්නෙ.. අපිට චොකලට් කෑවෑකි නේද එහෙනම්..”
“ආ.. චොකලට් නිසාද හොද?”
“ඔව්නේ.. අම්මේ ඉතින් කොච්චර කාලෙකින්ද.. අවුරුදු 6කින් නේද..”
“හ්ම්ම්ම්.... ඔව් හරි හරි දැන් ඔයා නිදාගන්න...”
“අපෝ ඕක කියන්නද ගත්තේ.. හෙටත් කියන්න තිබ්බනේ...”
“ආ.. ඔයා දැන් එහෙමද... දැන ගත්ත එක හොදයි. මන් තියනවා කසුන්. අයි ඇන්ග්රි විත් යු. බායි.”
“අම්මෝ කේන්ති ගියාද..”
“බීප්...බීප්...බීප්...”

 “මෙයා තිබ්බද...හ්ම්.. තියලනේ.. ඔයා දන්නවද රත්තරන් ඔයා එනකම් මන් කොච්චර කල් ඉදන්ද බලන් ඉන්නේ කියලා.. ඒත් දැන් මන් ඔයාට ගොඩක් දුරින්. මගේ හිතේ ඔයාට තියන ආදරේ කවදාවත් මට කියාගන්න බැරි වෙයි...”

මා අතුරුදහන් විය යුතු බවට මගේ සිත කියයි.ඇය පැමිණි පසු මා නිසැකවම සොයනු ඇත.ඈ මා හමුවනු ඇත. නමුත් දැන් ඇය හමුවීමට කාළය නොවේ. මගේ හිතේ ඉපදුන ආදරය මගේ හිත ඇතුලෙම මරුන දෙන්.. මම මටම කියාගත්තෙමි. හෙට දිනයේ අලුත් සිම් පතක් මිලදී ගත යුතුය. බලමු... එන විදියට මුහුණ දෙන්නට මම සිත හදා ගත්තෙමි.

මුරකුටියෙන් එලියට විත් අහස දෙස බැලුවෙමි. අහසේ තරු ලස්සන රටා මවයි. හද එලිය අදුර මකා දා තිබේ.

“ඒ තරුවට කවදාවත් බැරි වෙයි මගේ සිත් අහසේ පාළුව මකන්න... මට ඔයා මගේ පණ වගේ.. ලග නැතත් මගේ ලග වගේ.. සිත පුරා බැදී සෙනහසින් මම ඔබට කියුදේ ආදරේ...ලල ලලලා ලල ලලලා ටන ටනා ටන ටනා... මම ඔබට කියුදේ ආදරේ....”

විසිල් හඩක් ද නගමින් මුර කුටියට පැමිණියෙමි..
වෙලාව ගතවන්නේ හිතනවාටත් වඩා ඉක්මනිනි.. දැන් වෙලාව උදේ පහයි. ලොකු මහත්තයාගෙයි ලොකු බේබිගෙයි වාහන සේදිය යුතුය.සුමනා අම්මා දැන් නම් අවදි වී ඇත.ගිහින් බැලිය යුතුය.. මා ගෙයි පිටුපසට අඩිය තිබ්බෙමි.. මා සිතුවා නිවැරදිය..

“සුමනා අම්මේ ගුඩ් මෝනින්ග්”

“කොල්ලෝ.. මෝනින් මොනින්ග්.. උබට මන් තේකක් හදන්නද..?”
ඇය කහ පැහැති දත් ටික පෙන්වා සිනාසෙයි.

“සුමනා අම්මේ... තේකක් ලැබුනොත් නම් පින් සිද්ධ වෙනවා”

“හිටපන්කෝ ඔහොම මන් වතුර කෙතලේ රත් උනාම උබට තේකක් හදන්නම්.”

“සුමනා අම්මා තනියමද මෙහෙ ඔක්කොම උයන වැඩ කරන්නේ..”

“නෑ කොලුවෝ තව කෙල්ලෙක් ඉන්නවා.අවරුදු 20 යි තාම. ඒකි ඊයේ පාන්දර ගමේ ගියා. අම්මා අසනීප වෙලා කියලා . අද එයි මයේ හිතේ.”

“එයා අවාම මටත් පාළුවක් නෑ නේද සුමනා අම්මේ ”
මනමාල හිනාවක් පාමින් මම කීවෙමි.


“එකී ලැයිම් කෙල්ලෙක් බන්. උබට හරියන් නෑ..”

“කොහේ උනත් මොකෝ සුමනා අම්මේ ” මම සිනහා වෙමින් පැවසුවෙමි.

“ඊයේ නම් හිටියේ දහයට ගනින්න බෑ වගේ. දැන් මෙන්න ගෑනුත් හොයනවා. අනේ අනිච්චං” සුමනා අම්මා ඔරොප්පුවට මෙන් පවසයි.
මම හඩගා සිනාසුනෙමි.

“මෙන්න උබේ තේ එක. මම අනිත් උන්ටත් තේ ටික යවලා එන්නම්..”

“හොදයි සුමනා අම්මේ. මාත් දැන් වැඩ ටික පටන් ගන්න ඕනේ.”
“උබට ඊයේ වැදුන පාර දැන් හොදයිද කොල්ලෝ..”

“ඔව් සුමනා අම්මේ දැන් නම් රිදෙන් නෑ.” එහෙත් තොලේ පැළුම තාමත් එහෙම්මමය.

“ඕකුන් ඔහොම තමයි බන් උන්ට අණක් ගුණක් නෑ. මන් ආවේ නැත්නම් උබව කෝටු මස් කරනවා උන් ..”

“මොනවා කරන්නද සුමනා අම්මේ සල්ලි කාරයොනේ.. මන් එහෙනම් වාහන දෙක හෝදලා එන්නම් සුමනා අම්මේ.”

“හොදයි හොදයි පලයන් එහෙනම්...”

ජිවිතේටවත් තවම වාහනයක් සෝදා නැත. ම්ම්ම්ම්.. නමුත් ස්කොලේ යන කාලයේදී සෝමේ මාමා වාහන සෝදනවා අනන්තවත් දැක ඇත. ඒ නිසා එය එතරම් අපහසු නොවනු ඇත.

පැයක පමණ කාලයක් ගතකොට යාන්තම් ප්‍රාඩෝ රථය හොදින් සෝදා ගත හැකි විය.ඉන් පසු පිසදැම්මෙමි. දැන්නම් කිරි කිරි පාටට තිබේ. හොද ගණන්ය. නමුත් ඒ මහන්සිය දරාගැනීමේ හැකියාව මා හට තිබුණි.

“හම්මේ... කවදා කරපුවද... දැන් ඉතින් අනිකත් හෝදන්න එපැයි.”
ලොකු මහත්තයාගේ බෙන්ස් රථයත් ඉක්මනින් සෝදා පිරිසිදු කළෙමි. දැන් නම් මුණ බැලිය හැකිය. දුහිවිලි පොදක් නැත. වෙලාව 6යි 45යි. ලොකු මහත්තයා තේකත් අතින් අරන් ඉදිරියට පැමිණියේය.

“ගුඩ් මෝනින් ලොකු මහත්තයා” ඔලුව පහත් කොට මම කිවෙමි.
“උදෙන්ම වැඩ පටන් අරන් වගේ. හොදා හොදා.. ගිහින් පත්තරේ ගෙනෙන් ඉක්මනට දැන්..”
“හොදමයි ලොකු මහත්තයා.”

දැන් ඉතින් හන්දියට යා යුතුය. කාමරයට ගොස් කමිසයක් හා කලිසමක් හැද එලියට බැස්සෙමි. මේ පරිසරය මට නුපුරුදුය. ගම්පහ උපන් ගම වූ මා මේ පැත්තට පැමිණි මුල්ම වතාව මෙයයි. ග්‍රාමීය පරිසරයක් වුනත් බොහෝ ජනාකිර්ණය. හන්දිය තවත් ජනාකිර්ණය.190 මි ගොඩ පිටකොටුව... බසයක් මා අසලින් ගියේ වේගයෙනි. අසල පත්තර කඩේකට ගොඩ උනෙමි. අද දවසට නියමිත එන්ග්රිසි හා සිංහල පුවත් පත් මිලට ගත්තෙමි. ඉක්මනින් නැවතත් යා යුතුය. නැතිනම් ප්‍රමාද වුවාට නිදහසට කාරණා පැවසීය යුතු වනු ඇත.
“අයියේ සිම් එකක් ගන්න. රූ 50 ක් රිලෝඩ් කරන්න විතරයි ඕනේ. රු 100ක කතා කාලයක් ෆ්‍රී..”

මගේ කනට මී පැණි වක් කළා මෙනි. අතේ රු 50ක් ඉතිරිව තිබේ. නමුත් එය ලොකු මහත්තය්ගේය. මෙයින් සිම් පත මිලදී ගෙන නිවසට ගොස් මගේ මුදල් වලින් නැවත දෙනවා. මම සිතා ගත්තෙමි.

“දෙන්න මල්ලි සිම් එකක්”
“මෙන්න අයියා. මේ ෆෝම් එකත් පුරවලා දෙන්න. අයි ඩි එකත් දෙන්න.”
“කොපි එකක් ගන්නේ කොහෙන්ද මල්ලි?”
“සුනෙත් මචන් ෆොටෝ කොපි එකක් ගහගෙන වරෙන් ”
මේ වෙලාවේ ෆොටෝ කොපි ගහන්නේ කොහෙන් දැයි මට ගැටලුවකි. කොමිනිකේෂන් එකකට ගොස් එය ඇරගනිමින් ඔහු පිටපතක් ගසාගෙන පැමිණියේය.
“මල්ලිලාගේද කොමිනිකේෂන් එකත්”
මම ඇසුවේ හිතවත් කමටය.
“ඔව් අයියා මුගේ කොමිනිකේෂන් ඒක. උදේට ෆිට් එකට එනවා උදව්වට. ස්කොලේ යන ළමයිට සිම් විකිනෙනවා හොදට.. අයියා මෙහෙද දැකලා නෑ මිට කලින්..”

“නෑ මල්ලි. මන් ඊයේ අවේ.. ජොබ් එකකට..”
“එහෙනම් ඉතින් දැන් නිතර සෙට් වෙයි..”

මම සිනාසුනෙමි. දැන් මගේ ඒ ප්‍රශ්නයත් හරිය. නමුත් මේ මග හරින්නට යන්නේ අවුරුදු ගානක් පුරා මම සිතෙන් පෙම් කල තරුනියවය. මගේ කුඩා කල හොදම මිතුරියවය. නමුත් එය ඇයටද මටද දෙදෙනාටම හොදක් වනු ඇත. මම සිත හදාගත්තෙමි. පය ඉක්මන් කොට බංගලාවට පැමිණියෙමි. මෙන්න මහත්තයා පත්තර ටික මේසය උඩින් තැබුවෙමි... මම ඉතුරු සල්ලිද ඔහුට ලබා දුන්නෙමි.

“තියාගනින් ඕක... පොඩි සල්ලි මට වැඩක් නෑ ” ඔහු රුපියල් 50 මට නැවත දුන්නේය.
 කුණෙක් කියා සුමනා අම්මා බැන්නත් එච්චරම කුණෙක් නෙමෙයි කියාත් මට සිතුණි. දැන් නම් ඉවසා ගත නොහැකි ලෙස බඩගිනිය. හිස් බඩ කරපු වැඩ ගොන්නට දැන් නම් යකෙක් කෑමට හැකි තරම් බඩගිනිය.මම කුස්සිය පැත්තට ගියෙමි.

“සුමනා අම්මේ දැන් නම් බඩගිනි යකෙක් කන්න”
“ලොකු මහත්වරු කනකම් අපිට කන්න බෑ බන්. පොඩඩක් හිටපන් ඉවසලා”
එහෙනම් ඉතින් අද කාලා ඉවරයි.. මම කරබාගත්තෙමි.
“මම් ඉස්සරහා පැත්තට ගිහින් එන්නම් සුමනා අම්මේ..”
“ලොකු මහත්තයා කාලා ඉවර උනාම වරෙන් මේ පැත්තට..”
“හා හා”

මා දකින විටම ලොකු නෝනා මා අමතන්නට විය.

“උබට වාහන එලවන්න පුලුවන්ද කොල්ලෝ..”

“එහෙමයි ලොකු නෝනා”

“ලයිසන් එහෙම තියනවාද ?”

මිට අවුරුද්දකට පමණ පෙර ලයිසන් එක ගැනීමට පෙරැත්ත කරේ සිරිවර්ධන අන්කල්ය. ඔහු මා හට ඔහුගේම වාහනයද පුහුණු කොට ඔහුගේ වියදමින්ම ලයිසන් එක අරන් දුන්නේය. ඔහු පවසන්නේ මා දුටුවිට මගේ පියා සිහිවන බව නිසා මගේ පියාට කරන උපකාරයක් ලෙස මා හට අත දෙන බවය.

“එහෙමයි ලොකු නෝනා”

“එහෙනම් හොද ඇදුමක් ඇද ගෙන වරෙන් මා එක්ක ගමනක් යන්න.”

ඉක්මනින් කාමරයට ඇතුල් වූ මා ලග තිබු හොදම ඇදුම ඇද ගෙන එලියට පැමිණියෙමි.

“වරෙන් ඉක්මනට”  ඇය ගරාජය වෙත ගොස් පරණ මොඩ්ල් එකේ රතු පැහැති බෙන්ස් රථයක් පෙන්නුවාය. පැරණි වූවත් එය ඉතා හොදින් නඩත්තු කර තිබුණි.  

“දැන් ඉක්මනට ඕක ස්ටාර්ට් කරන් ගනින් එලියට. උබ දන්නවද මේක මගේ මහත්තයාගේ වාහනේ. එතුමා මේක බොහොම පරිස්සම් කළා. උබ මේකට පොඩි හරි අනතුරක් කලොත් උබේ හතර හන්දි කඩනවා මන්.”
හිතට චකිතයක් අවේ ඉබේටමය. බාර ගත්තානම් දැන් පස්ස ගැසීමද නොකළ හැකි වැඩකි.දෙවියන් සිහි කරගත් මම සුක්කානමටද වැද වාහනය පණ ගනිවුවෙමි. පුදුමයකි එක පාරින් එය ස්ටාර්ට් වුණි. සෙමෙන් රථය ගැරෙජයෙන් එලියට ගත්තෙමි. ඉන්පසු නැවත වාහනයෙන් බැස ලොකු නෝනාට දොර හැර දුන්නෙමි.ඈ මහත් ආඩම්බරයෙන් වාහනයට නැග්ගාය.
“යමු දැන්..”
ඈ  යා යුතු තැනට මග කීවාය. එය පන්සලකි. පන්සල තුලට වාහනය හරවන ලෙස ඇය පැවසුවාය. මම ඇයට කීකරු උනෙමි.
“උබ හිටපන් මන් ඇතුලට ගිහින් එන්නම්.”
“හොදයි ලොකු නෝනා”
මම හනිකට වාහනයෙන් බැස ඇයට දොර හැර දුන්නෙමි.ඈ  පන්සලේ ආවාස ගෙය වෙත ගියාය. මේ කොහෙද කියා මා නොදනී. පන්සල් මිදුලේ කොළ රොඩු අතු ගාන වයසක මිනිසෙකි. පන්සලේ ඇබිත්තයා දෝයි මට සිතුණි. මම සෙමෙන් ඔහු වෙත කිට්ටු කරේ මේ තැන කුමක් දැයි සිතේ තිබු කුතුහලය නිසාය.

“ආ මාමේ පන්සල අතුගානවා වගේ .... කෝ ඉන්න මන් ඔය කොළ ටික එකතු කරගන්න උදව් වෙන්නම්..”
“මට පුළුවන් මහත්තයා.. මේක ඉතින් මන් හැමදාම කරන වැඩේනේ. මහත්තයා හදහන වත් බලාගන්න ආවද?”
ඔහු හදහන ගැන පැවසීමෙන් මෙතන හදහන් බලන තැනක් බව මට තේරුණි.
“ඔව් මාමේ මේ අපේ ගෙදර නෝනා හදහන බලාගන්න ආවා.”
“මෙතන හොද තැන මහත්තයා... ලොකු හාමුදුරුවෝ කියන දෙයක් වරදින්නේ නම් නෑ. මහත්තයා මිට කලින් එනවා නම් මන් දැකලා නෑ.”
“ඔව් මාමේ මන් මේ පලවෙනි පාරට මෙහෙ ආවේ..”
ඔහු බුලත් කහට වලින් වැසි ගිය මුව පෙන්වා සිනාසෙයි..
“මහත්තයත් අහලා බලන්න නිමිත්තක් වත්..”
“දැන් නම් බෑ මාමේ නෝනත් එක්කනේ ආවේ. පස්සේ වෙලාවක මන් ඇවිත් හදහනම බලගන්නම්කො.”
“හොදා හොදා මහත්තයාගේ කැමැත්ත.. මන් එහෙනම් යනවා මහත්තයෝ තව මල් ආසන ටික සුද්ද කරන්නත් ඕනේ..”
“හොදයි මාමේ..”

එහෙනම් ලොකු නෝනා ඇවිත් තියෙන්නේ මේ හදිස්සියේම හදහන බලාගන්න. මම තනියෙම සිනාසුනෙමි. පන්සලට ගොස් බෝ ගස අයිනේ වාඩි වී ටික වෙලාවක් නිසකලංකව කල්පනා කළෙමි. අලුත් සිම් පත දුරකතනයට දා ගත යුතුය. සිහි වුයේ දැන්ය. “සමාවෙන්න සදලි” මම මටම කියාගත්තෙමි. සිම් පත මාරු කර සිරිවර්ධන අන්කල්ට හා අම්මාට පණිවිඩයක් ලබා දුන්නෙමි. කාළය ගෙවෙන්නේ සිමින් යැයි මට සිතුණි. දැන් නම් හොදට කුසගින්න දැනේ. අහල පහල කඩයක් හෝ නැත. පැමිණ දැන් පැයකට වැඩිය. ලොකු නෝනාද තාම නැත. පන්සල අතු ගාමින් සිටි මිනිසා නැවත මා වෙත පැමිණෙයි. ඔහු අත තැබිලි ගෙඩියක්ද වෙයි.
ඔහු එනු දැක මම හුන් තැනින් නැගිට වැලි ගසා දැමුවෙමි.
“මහත්තයාට තිබහත් ඇතිනේ මෙන්න මේක බිලා හිටියානම්..”මම ඔහුට සිතෙන් අනෙක වාරයක් පින් දුන්නෙමි. මේ වෙලාවේ තැබිලි ගෙඩියක් ලැබීම මට ලොකු දෙයකි.

“අනේ මාමේ මාමා කරදර වෙලානේ..”
“මොන කරදරයක්ද මහත්තයා මේක අරන් හිටියානම් ”
“මාමට පින් සිද්ධ වෙනවා...”

තැබිලි ගෙඩිය අතට ගත් මම එය එක උගුරට බිව්වෙමි.  බී අවසන් වනතෙක් සිටි ඔහු අවසන් වූ පසු තැබිලි කෝම්බයද නැවත ඉල්ලා ගත්තේය. මට පුදුමත් හිතේ. මා මෙහි පැමිණි දින සිට මා හට හමුවන සියල්ලෝම මට බොහෝ කරුණාවන්ත වෙති.මෙය නම් අදහා ගත නොහැකිය. මිනිස්සුන්ගේ හොද කමද නැත්නම් මාව දැක්කාම මිනිස්සුන්ට අනුකම්පා සිතේද කියාද නොදනිමි.
මගේ නෙත් වාහනය වෙත ගියේ ඉබේටමය. ලොකු නෝනා අවාස ගෙයින් පිට වනු අහම්බෙන් මෙන් දුටුවෙමි.මම පය ඉක්මන් කොට වාහනය දෙසට පියමැන්නෙමි.

“උබ වාහනේ තනි කරලා කොහෙද ගියේ..”
“නෑ ලොකු නෝනා මන් අර බෝධිය ගාවට් පොඩඩක් ගියා...”
“උබටත් එක විනාඩියක් එක තැනක ඉන්න බෑ නේද.. යමන් දැන් අපහු ගෙදර.”

“හොද විනාඩිය” මන් මටම කියාගත්තෙමි.
“මොනවද උබ කෙදිරිගාන්නේ..”
“නෑ ලොකු නෝනා මේ දොර ඇරලා දෙන්න හැදුවේ නෝනට..” මම හනික ඇයට දොර හැර දුන්නෙමි.. ඈ මා දෙස ඔරවා බලා වාහනයට නැග්ගාය.
මම සෙමෙන් වාහනය ඉදිරියට පදවාගෙන ගියෙමි.
“උබ දන්නවද උබට මන් මේ වාහනේ පදින්න දුන්නේ උබේ කුලේ හොද නිසා ඒකත් මතක තියාගනින්.”
හැමවිටම කුලයක් ගැන කියවයි. මටනම් දැන් මේක කන්දොස්කිරියාවකි.
“එහෙමයි ලොකු නෝනා.”
“උබ දන්නවද මේ පන්සලේ ලොකු හාමුදුරුවෝ යසට අගේට හදහන් බලනවා”
“එහෙමයි ලොකු නෝනා..”
“ඒ උත්තමයට ගහන්න මේ පළාතේම කවුරුත් නෑ හදහනක් බලාගන්න”
“එහෙමයි ලොකු නෝනා.”
ඇය සතුට්න් බව පෙනේ. නැත්නම් මා සමග ඕවා පවසන්නේ නැත.ඇගේ මුහුනද එලිය වැටි තිබේ. ගියාට වඩා ඉක්මනට නිවසට පැමිණ තිබේ. දැන් වෙලාව 11ට කිට්ටු කර තිබේ. වාහනය මිදුලෙන් නවත්තා ඇයට දොර හැර දුන්නෙමි.
“හ්ම්.. දැන් වාහනේ ගරාජ් එකට අරන් ගිහින් පිහිදාලා ගරාජ් එකේ දොර වහලා මට යතුර ගෙනත් දිහන්.”
ඈ වහනයෙන් බැස කීවාය.
“එහෙමයි ලොකු නෝනා”
වාහනය ගරාජයට දමා එය හොදින් පිසදා ඇයට යතුර දෙන්නට එළියේ සාලයට සියෙමි. එතැන බරකතාවකි. මම එලියට වී හුන්නෙමි. නමුත් මට ඔවුන් පවසන දේ ඇසේ.

“උබ දැන් නෑ පුතේ .. අපේ එකී හරි වාසනාවන්තයි. මේ අවුරුද්දෙම ඒකිට හොද ඉහල තැනකින් හොද කොල්ලෙක් ලැබෙනවලු.  මන් බයේ හිටියේ ඔය රට රාජ්‍ය වල ගිහින් මොනවා කරගහන් එයිද කියලා. ඒකිගේ අතින් වත් මොකෙක් වත් අල්ලලා නෑ කියලා ලොකු හාමුදුරුවෝ කිව්වේ.උන් වහන්සේ කිව්වානම් ඉතින් වරදින් නෑ. ඒකිට දේපලත් හම්බෙනවා කියන්නේ. හොද ඉහල පෙළේ කොල්ලෙක්ලු. ලැබෙන කොල්ලත් හරි වසනාවන්තයිලු.. ”
“අපේ ළමයි වාසනාවන්තයි අම්මේ.. අම්මා ඔය කියන විදියටම වෙයි බලන්නකෝ..”
“උබ බලපන්කො පුතේ කෙල්ලගේ උපන් ගෙයි වාසනාව පළදෙනවා කිව්වා මේ අවුරුද්දේ.. ආත්ම ගාණක් පාතාගෙන එන කෙනෙක්ලු අපේ කෙල්ල එනකම් බලන් ඉන්නේ. දැන් ලබන සතියේ ආවම හාමුදුරුවෝ කිව්වා එක්ක එන්න කියලා. හොද යන්ත්‍ර රාජයෙක් පලදවන්න. එතකොට කෙල්ලට තවත් වාසනාව එයි..”
“දෝණි අවාම අපි යමුකෝ අම්මා” ලොකු මහත්තයා සිනාසෙයි.
“මගේ ළමයෙක් ඉතින් අයාලේ යන් නෑ එහෙම. මන් වගේම හැදුන ළමයිනේ.යන්ත්‍ර පලන්දන්න දෙයක් නෑ” ඒ මැඩම්ය.
“අපොයි ඔව්. අනේ උබේ පැහිච්චකම් උබ දන්න දේකුත් නෑ නොදන්නා දේකුත් නෑ. මගේ එකාගේත් ඔලුව කනවා උබ..”
නැන්දම්මාගේ ලේලිගේ ගැටුම මා හොදින්ම දුටුවේ මෙහිදිය.
“සල්ලි මෙච්චර තිබිලත් මුන්ට ප්‍රශ්න..” මම මටම කියගත්තෙමි.
“ඇයි මොකද මගේ මොකද්ද තියෙන වැරැද්ද.. මන් නැත්නම් මෙව්වා මෙච්චර දෙගුණ තෙගුණ වෙයි.. හ්ම්.” මැඩම් ද ලොකු නෝනා එක්ක හරහටමය.
“අනේ උබේ මහලොකු දේපල ඕවා නැතත් අපිට අඩුවක් නෑ. උබ ඒක දැනගනින්.”
“ඔව් ඔව්..”
 ඇය ගස්සමින් උඩු මහලට පිය මැන්නාය.
ලොකු නෝනද හසුනෙන් නැගිට වට පිට බැලුවාය.
“මොනවද අම්මේ බලන්නේ..”
“නෑ බන් මන් මේ බැලුවේ අර නිර්මාල් කොල්ලට මන් වාහනේ ගාරාජ් එකට දාලා යතුර ගෙන්නන කිව්වා මු තාම නෑනේ.”
“ඌ එයි අම්මා. කොහේ යන්නද ඕක අරන්..”
ලොකු නෝනා සොයන්නේ මාවය. මම ඇය වෙතට ගියෙමි.
“මෙන්න ලොකු නෝනා යතුර.”
“උබ වාහනේ පිහිදාලා නේද ආවේ..”
“එහෙමයි ලොකු නෝනා..”
“හ්ම් දැන් ගිහින් එහෙනම් කාපන් මොනවාහරි උදේට කාලත් නැතුව ඇතිනේ.”
“එහෙමයි ලොකු නෝනා”
“හැම එකටම එහෙමයි එහෙමයි ගාන්න එපා බන්. දැන් මගේ ඔලුවත් කකියනවා උබේ එහෙමයි ඒක අහලා”
“එහෙමයි ලොකු නෝනා”
“පල යන්න ගිහින් හාල් ගබාඩාවේ හාල් මුට්ට ටික ලොරියට පටවන්න උදව් වෙයන්.”
“එහෙමයි ලොකු නෝනා.. සමාවෙන්න හොදමයි ලොකු නෝනා”

උලුවහුව අසළ සිටි ලොකු මහත්තයා තනිවම හිනා වෙයි.

“අම්මත් හොයන තියෙන්නේ අම්මටම හරියන ගෝලයෙක්” ඔහු කෙසෙන් ගෙඩියක් කමින් පැවසුවේය.

“උබත් මට කොලොප්පන් කරහන්” ඇය ගෙතුලට වැදුනාය....

0 comments:

Post a Comment

Copyright © 2016 ස්වර්ණමා All Right Reserved