Must Read

Sunday, July 17, 2016

"නිර්මාල්" ...THE STORY OF A BOY… 3

****************************උපුටා ගැනීමෙන් වලකින්න*********************************

ඔහු කඩවසම් තරුණයෙකි.. උරුමය පොහොසතෙක් වන්නට වුවත් දෛවය ඔහුව මෙහෙ කාරයෙක් බවට පත් කොට ඇත. නමුත් තම උරුමය සෙවීම ඔහුගේ යටි හිත තුළ නළියයි.. ඒත් දෛවය ඊට භාදක රැසක් පමුණුවයි. ඔහු සටන් කරන්නේ ඔහුගේ උරුමය වෙනුවෙනි. තවත් පැත්තකින් ඔහුට ආදරණිය සහකාරියකගේ නොමද උණුසුම ලැබේ. වගකීම්, ආදරය, සහ උරුමය... මේ සියල්ල රැක ගැනීමට ඔහුට හැකිවේවිද...




මේ ඔහුගේ කතාවයි.. අද පටන් කොටස් වශයෙන් දිගහැරෙන්නේ .......





"නිර්මාල්"
..The Story of a Boy…

.......................................................................................................................................................................


3

රාත්‍රිය උදා වී ඇත. අලුත් නවාතැනකි. හිතට නුහුරු නුපුරුදු පරිසරයකි.රාත්‍රී අහාරය පාන් පෙත්තක් හා පරිප්පුය.ඒ සමගම මාළු කෑල්ලක්ද සුමනා අම්මා බෙදා තිබුණි. ගෙදර අය කාලා දැයි සිත ප්‍රශ්න කරයි.අම්මා නංගි මල්ලි මොනවා කාලාද දන්නේ නැත. නමුත් මේ වෙලාවේ ඇමතුමක් දීමට හෝ මා ලග දුරකථනය නැත. එය ගැනීමට නම් එළියේ මට හිමි කාමරයට යා යුතුය.අම්මා කෑවා දැයි දැනගන්නේ නැතිව ආහාර ගැනීම හිතට අපහසුවකි. එනිසා කෑම පිගාන බංකුව උඩම තබා ඉක්මනින් කාමරයට පියමැන්නෙමි.
වාහනයක් හෙඩ් එකක් මගේ මුහුණටම වැදුණි.
“ඔහොම හිටපිය”
කෙනෙක් මාගේ බෙල්ලෙන්ම අල්ලා ගත්තේය.මා හට හුස්ම ගැනීමටද අපහසුය.

“කවුද උබ.. කියපිය මොකටද මෙහෙ ආවේ...”

වැරෙන් අතමිට මොලවා මගේ මුහුණට පහරක් එල්ල වුණි. මා විසිවී ගොස් බිම ඇද වැටුණි. කට පුපුරා ලේ ගලන්නට විය.ඔහු අඩි හයක් පමණ උසය. දේහදාරිය. ඔහු දුටු විට මට සිහි වුයේ ජෝන් සීනාය.තවත් පා පහරක් මගේ බඩ මැද පෙදසට වැදුණි.

“කවුද උබ කියපන්..”

 කතා කරන්නට හෝ අපහසුය. බඩට වැදුණු පහර ඒ තරම වේගවත්ය.

“අපේ අප්පේ ඔය මොකද කරන්නේ ලොකු බේබි” ඒ සුමනා අම්මාය. ඈ මා බේරා ගැනීමට පැමිණ තිබේ.

“කවුද සුමනා මේ යකා.. ” ඔහු කෝපයෙන් ඇසුවේය.
“මේ ලොකු නෝනා අලුතින් වැඩට ගත්ත කොලුවා මහත්තයෝ” ඇය ඔහුට පැහැදිලි කරන්නට විය.
ඔහුගේ හඩින් පරිසරයද දෝංකකාර දෙන්නට විය. ලොකු මහත්තයා, ලොකු නෝනා හා සුමිත්‍රා මැඩම් ද තවත් සේවකයන් කිහිප දෙනෙක්ද අප සිටින ඉසව්වට දුව ආවෝය.

“පුතා... ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද..?” ඒ සුමිත්‍රා මැඩම් ගේ හඩයි.

“නෑ අම්මා මෙන්න මූ හොරෙක් කියලා මන් හිතුවේ.. මූ අලුත් එකෙක් කියලා සුමනා කිව්වමයි මන් දන්නේ.”
“සමාවෙන්න පුංචි මහත්තයා”
 මම ඔහුගෙන් සමාව ඉල්ලුවෙමි.

“ඔව් ඔක්කොම කරලා සමාව ඉල්ලුවාම හරි. අනේ ඇත්තට වැඩකාරයෙක් ගන්නකොට ගෙදර මිනිස්සුන්ටත් කියලා ගන්න බෑනේ මේ ගෙදර ඉන්න අයට. පුතාට කරදරයක් නෑ නේද පුතා..?”

“ඔව් ඉතින් උබලටත් මට ඇදයක් කියන්න තියනවා නම් වෙන මුකුත් ඕනේ නෑ..” ඒ ලොකු නෝනාගේ හඩය.

“ආච්චි අම්මා කලබල වෙන්න එපා. බය වෙන්න එපා අම්මා ... මට ප්‍රශ්නයක්  නෑ. යමු ගෙට.”

“උබ ආයිත් රෑ ජාමේ ඇවිදලා තිබ්බොත් කකුල් කඩනවා දැන ගනින් ඒක..”
ලොකු මහත්තයා මා දෙසට හැරී කෑගෑවේය.

“සමාවෙන්න ලොකු මහත්තයා..” මම කෙදිරි ගෑවෙමි.. ගුටි කෑවේ මමය. බැනුම් ඇසුවේද මමය. වරදිකාරයාද මමය. මේ ඔක්කොටම හේතුව දුප්පත් කමය.

“කොල්ලෝ උබට අමාරුද.. උබ කොහෙද මේ රෑ කෑම එකත් තියලා ඇවිදින්න ගියේ..” සුමනා අම්මා මා හට අත වාරු දෙමින් ඇසුවාය.

“ගෙදරට කෝල් එකක් ගන්න ගියා සුමනා අම්මේ. අම්මා කාලද බලන්න. ඒක අහනකම් කන්න හිතුනේ නෑ.. ඒකයි.”

“අපේ අප්පේ... ඒ වසවර්තියා මේ අම්මට කතා කරන්න ගිය එකාටද ගැහුවේ නිරපරාදේ..”
ඇය හුල්ලයි.

“මොනවා කරන්නද සුමනා අම්මේ කරුමේ තමයි.”

මම සුමනා අම්මාද සමග කුස්සිය ඇතුලට අදුනෙමි. කකුලද ගලක වැදී රිදුම් දෙයි. මුහුණ නිල් වී ඉදිමි එයි.. සුමනා අම්මා පැමිණ තෙල් ස්වල්පයක් ගෙන මුහුනෙයි කකුලෙයි ගෑවාය.

“දැන් ඉතින් මේ කෑම ටික කාලා ගිහින් නිදා ගනින්. පැනඩෝල් දෙකකුත් බිහන් ඕක කාලා.”

ඇගේ ලෙන්ගතුකම මට අරුමයකි.නමුත් එය මා හට ඉතා වටි.. සුවිසල් බංගලාවක තනිවූ මා හට ඇයගේ සෙනහස මහමෙරකි.

“හොදයි සුමනා අම්මේ... සුමනා අම්මාත් කන්නකෝ”
“මන් කන්නේ නෑ බන් රෑට.. මේ වයසට රෑට කන්න හොද නෑ.”
සුමනා අම්මා ගැන විටක පුදුමද සිතේ.මේ ගෙදරට පැමිණි මේ ටික වෙලාවට ඇය මා හා බොහෝ කුළුපග වී තිබේ.මම කෑම ටික කා මගේ කාමරයට පැමිණියෙමි.

එහි කුඩා ඇදක් හා කොට්ටයක් තිබුණි. ඊට අමතරව කුඩා ලෑලි බැංකුවකි.එත් එක්කම පුංචි මේසයක් තිබුණි. තවම රෙදි බෑගය ඇද උඩය. බෑග් එක ගෙන මේසය උඩින් තැබුවෙමි.එය තරමක් සෙලවේ.බෑග් එක තිබු විට ලී කුඩු ගොන්නක්ද බිමට වැටුණි. නමුත් කම් නැත.මට මෙය පිරිමහ ගත හැකිය.බෑගය තුලින් ඇද ඇතරිල්ලක් ගෙන ඇදට දැමුවෙමි. කොට්ට උරයක් ගෙන කොට්ටයද ඊට එබුවෙමි. එත් එක්කම සරමක් ගෙන එය ඇග දවටාගෙන ඇදට පැන්නෙමි. සිතුව තරම් නරක නැත. අවසානාවක මහත.. දුරකථනය නාද වේ. නැවත නැගිට්ටෙමි.. කවුදෝ නොදන්නා අංකයකි.

“හෙලෝ..”
“ආ.. පුතා මන් සිරිවර්ධන අන්කල්”
“ඔව් අන්කල් ඇයි මේ අලුත් නම්බරෙකින්”
“මිට පස්සේ මේකට කතා කරන්න පුතා උවමනාවක් උනොත්. අනිත් එක මේ නම්බර් එක දන්නේ පුතයි මමයි විතරයි ඕකේ..”
“ඕකේ අන්කල්..”
“කොහොමද පුතා තත්වේ.. ගැටළුවක් නෑ නේද..”
“නෑ අන්කල් ඔක්කොම හරි..”
“හොදයි පුතා පරිස්සමින් එහෙනම්.මම අවශ්‍ය වෙලාවට පුතාට කතා කරලා දැනුවත් කිරීම් කරන්නම්. මන් තියනවා පුතා එහෙනම්. ගුඩ් නයිට්..”
“හොදයි අන්කල්. ගුඩ් නයිට්”

සිරිවර්ධන අන්කල් යනු මගේ තාත්තාගේ මිතුරෙකි. බොහෝ කලක සිට අප පවුලට ඉතා ලැදිය.උසස් පොලිස් නිලධාරියෙකි. තාත්තා නැති වූ පසු අපගේ දුක සැප සොයා බලන්නේ ඔහු පමණය.අනිත් සියල්ලම තාත්තා ඉන්නකම් තාත්තාගෙන් වාසි ගත්තා පමණක් බව අම්මා නිතර පවසයි.

ගමන් මහන්සියත් අලුත් පරිසරයත් මහා වෙහෙසක් ගෙන දේ.ඇස් නින්ද ඉල්ලයි... නමුත් එකවරම ලොකු නෝනාගේ හඩ ඇසේ.
“නිර්මාල්... කොල්ලෝ මෙහෙ වර ඉක්මනට..”
 “මේ එනවා ලොකු නෝනා.”
නිදා ගැනීමට සිතීම බොරුවක් බව මගේ සිත කිවේ ඉබේටමය.
ඉක්මනින් කමිසයක් ඇගලා ගත් මම සරමත් නැවත සදාගනිමින් එලියට බැස්සෙමි.

“මොකෝ උබ කලින්ම නිදාගන්නද හැදුවේ.. ඒවා බෑ පුතෝ වැඩ කරන්න ආවානම්..”
“නෑ ලොකු නෝනා මේ මන් කාමරේ පොඩ්ඩක් පිළිවෙලක් කරගත්තා..”
ඇය සමග සිරිදෝරිස් මාමාද සිටි. ඔහු අතේ බරටම මල්ලක්ද වෙයි.වෙන්නට යන්නේ කුමක්දැයි සිත දෙගිඩියාවෙනි.

“උබ වර මෙහෙන්...උබේ ඔය මලු ටිකත් අරන්...”
“හොදයි ලොකු නෝනා..”
ඉක්මනින් කාමරයට ගොස් ඇද අතිරිල්ලද කොට්ට උරයද නැවත බෑගයට ඔබා ගත්තෙමි. බෑගයත් අතින් ගත් මම පය ඉක්මන් කොට ඇය වෙතට පැමිණියෙමි.
“සිරිදෝරිස් මෙන්න උබ මිට පස්සේ මෙතන හිටපන්. මන් උබට අලුත් රාජකාරියක් පවරන්නම් හෙට.”
“හොදමයි ලොකු නෝනා ” සිරිදෝරිස් මාමා ඔලුව පහත් කොට ලොකු නෝනාට පැවසුවේය.

“දැන් උබ වරෙන් මගේ පස්සෙන්.” 
මම ඇය පිටුපසින් ගියෙමි.
ඇය යන්නේ මුරකුටිය දෙසටයි.ආරම්භ කල දිනෙන්ම මගේ රස්සාව ඉවරයි යැයි මට සිතුණි.ඇය කෙලින්ම ගියේ මුරකුටිය පිටුපස ඇති කාමරයටයි.එය මුරකුටියටම සම්බන්ද කර ඇති බව ඇතුලට ගිය පසු පෙනුණි..

“මෙන්න උබගේ කාමරේ. උබේ වැඩ ලැයිස්තුව මන් පොඩ්ඩක් වෙනස් කරා. උබගේ කාමරේ මේක. සිරිදෝරිසා තමා අවුරුදු ගානක් මේකේ හිටියේ. ඒත් ඌට දැන් ඇස් පේන් නෑ කන් ඇහෙන් නෑ.නිදි මරන්න බෑ. ඌ මෙහෙටම නාකි වෙච්ච එකා. ඌට දුන්නා මන් අලුත් පට්ටමක්. දැන් උබ තමා රෑට මේ ගේට්ටුව මුර කරන්න ඕනේ. උබ ගැන මට විශ්වාසයක් තියන නිසයි මන් මේක උබට දෙන්නේ. උබ අපේ එකාගෙන් ගුටි කාලත් සමාව ඉල්ලුවා දෙසැරයක් හිතන් නැතුව. අන්න ඒක මගේ හිතට ඇල්ලුවා කොල්ලෝ..හැබැයි උබ ගැන මන් තියන විශ්වාසෙ කැඩුවොත් එදාට මන් නරක ගෑණි කියන්න එපා. අන්න එකත් මතක තියාගෙන දැන් ගේ මුරකරපන්.”

“හොදමයි ලොකු නෝනා.”

මා ඇයගේ අණට කීකරු විය යුතුය. ඇයට මා විශ්වාසය. මෙය විශ්වාසයක්ද නැත්නම් කපටිකමද කියා මට නොතේරේ. නමුත් දැන් නිදාගන්නවා නම් බොරුය. නමුත් මේ කාමරේ නම් අරකට වඩා හොදය. සෙලවෙන ලෑලි මේසය වෙනුවට තරමක් හොද මේසයකි. ඇදද කලින් එකට වඩා අළුත්ය. මේ කුටියද අලුතින් සැදු එකක් බව පෙනේ. මුර කාමරයේ තරමක් සැපපහසු පුටුවකි. පුංචි සින්ක් එකක් හා ඇදුම් දැමීමට කබඩ් එකක්ද තිබේ. නිදි මරන්නට සිදු වුවත් පරණ පිනක්වත් පහල වුවද කියාද සිතේ. නමුත් කලක් කල රැකියාවෙන් සිරිදෝරිස් මාමට ඉවත් වීමට සිදු වුනේ මා නිසාය. ඔහු මා සමග තරහා ගත්තාද නොදනී.හෙට දිනයේ කතා කර බැලිය යුතුය. දැන් ඉතින් නිදා ගන්නටද බැරිය. කකුලෙන් හා මුහුණෙන් සියුම් වේදනාවක්ද දැනේ. සිතුවිලි දාමයක් සිත තුළ පොර බදී. බෑගය රැගෙන මේසය උඩින් තියාගත්තෙමි.ඇදුම් ටික ගෙන කබඩ් එක තුලට එබුවෙමි. මේසේ අයිනේම ප්ලග් පොයින්ට් එකක් තිබීමද වාසනාවකි. දුරකථනය පහසුවෙන් චාර්ජ් කරගත හැකිය. පුටුවට බරවී කකුල් දෙක මේසය උඩින් තියාගත්තෙමි.
“ම්ම්ම්ම්..කදුල ඉතින් සමාවෙයන්.. අපි වෙන් වෙමු අද දවසට.. මගේ නිවසට ඈ එනවා....සිරියහනේ තනි රකින්න...ම්ම් ම්ම් ම්ම් ම්ම්ම් ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්  මේ කවුද....” සින්දුවක් මුමුණමින් පද ගලපන්නට සැදුවත් එයට බාධාවකි.මගේ හොදම මිතුරියගෙන් පණිවුඩයකි...

නිර්මාල්...….”

අහෝ සතුටකි.. මගේ මිතුරිය.. දුටුවා කල් ඔබව...


“මම හොඳින් අනේ.. ගිය දවස් ටිකේ බිසී බිසී බිසී.. මන්ම මැසේජ් කරන්න ඕනෙනේ ඉතින්. ඔයාට බෑනේ මට නිකන් වත් මැසේජ් එකක් එවන්න. මොකද කරන්නේ... නිදාගන්නද හදන්නේ...”

“සොඳුරිය කිමද ඔබ මට මෙසේ දොස් නගන්නේ..”

“මොකද අනේ රජ කාලේ වගේ... මේ වට්ස් ඇප් එක දාගන්නකෝ. ඔයාට මන් කවදා ඉදන්ද කියන්නේ.”

හ්ම්ම්... මන් කොහොම කියන්නද යාලුවා ඉන්නේ ප්‍රශ්න ගොඩක කියලා.. දුරකතනයේ ශේෂය කෙසේද කියා බැලිය යතුය. නැත්නම් අම්මාට මිස් කෝල් එකක් හෝ දීමට නොහැකි වනු ඇත.

“ඔබගේ ශේෂය රුපියල් 12 යි ශත හැත්තෑ අටකි.” එසේ පැවසුවේ සිම්පත් සමාගමේ අක්කය.මිතුරියත් සමග සංවාදය මෙතනින් නැවත්විය යුතුය. නැතහොත් මා හට සතයක් හෝ ඉතුරු නොවේ.

“දාගන්නම්කො ඉක්මනටම... යාළුවො එක්ක එලියට ඇවිත් ඉන්නේ මන්... ඔයාට හෙට මැසේජ් එකක් දැන්නම් හොඳේ...”

“හ්ම්.. දැන් අපිව ඕනේ නෑනේ. බායි ගුඩ් නයිට්.”

ඇය මගේ ප්‍රශ්න නොදනී. ඇය නම්  එංගලන්තයේ ඉගෙනුම ලබයි. ලගදීම ලංකාවට එනු ඇත. එතකොට මා ද සොයා ගනු ඇත. ඇය කවදා හෝ ඇත්ත දැනගනීවි. පාසල් කාලයේ මිතුරන්ගෙන් ඇය තාම ඇසුරු කරන්නේ මා පමණය.එය මට ඇය කලින් පවසා තිබේ. ඕ ලෙවල් අවසන් වූ වහාම ඇයගේ දෙමාපියන් ඇයව එංගලන්තයට පිට කර යැව්වාය. ඒ අපේම මිතුරෙක් ඇයට ලියු පෙම් හසුනක් ඔවුන්ට හසු වූ බැවිනි. ඔවුන් සිතුවේ ඇය පෙම් පලහිලව්වක පැටලී ඇති බවය. නමුත් එය එසේ නොවේ. මා ඇය ගැන හොදින්ම දනී.එසේ ලංකාවෙන් ගිය ඇය එතැනින්ම සියලු දෙනා සමග මිතුදම් අත හැරියාය. කාලයත් සමග එය එසේ සිදු වුණි. නමුත් තවමත් ඇය මා හට කෙටි පණිවුඩයක් ඉඳ හිට හෝ එවයි. ඇය දකින්නටද දැන් නම් ආසය.

දැන් රාත්‍රී 12 ය .. දැන් නම් ඇස් නින්ද ඉල්ලයි. බංගලාවේම ලයිට් නිමි ඇත. නමුත් වත්තේ තැනින් තැන බල්බ්  දැල්වී තිබේ. ගේට්ටුව අසලද විදුලි බුබුළු දල්වා තිබේ. එහෙම්ම පුටුවට බර වුණි...

මතු සම්බන්ධයි...

0 comments:

Post a Comment

Copyright © 2016 ස්වර්ණමා All Right Reserved