Must Read

Saturday, April 9, 2016

"අපේ හුස්ම පොද පිටව ගියත් නුබ සතුටින් නම් අප තරහා නැතේ" - Shashika Nisansala n Colvin Wanigasekara

"සුදු හාමිනේ ගොඩක් අමාරුයිද "
"නෑ අපේ මහත්තයා මට පුළුවන්.."
"මගේ හාමිනේ චුට්ටක් ඉවසලා ඉන්න තව ටික දුරයි ඉස්පිරිතාලෙට..."
"හොදයි අ..පේ... මහත්..තයා......"
හන්දියේ ගුණේ අයියාගේ මොරිස් මයිනරය වේගයෙන් ඇදේ. හනිකට සුදු හාමිනේව ට්‍රොලියක තබාගත් ඉස්පිරිතාලේ මහත්වරු තියටරේට ඇය රැගෙන යයි.. ට්‍රොලිය පසුපසින් දුව යන්නේ සිරිල්... ඔහු තිලකාගේ ආදරණිය සැමියා... තිලකාගේ ඇස් වලින් කදුළු ගලා එයි.යෞවන වියේ පසුවන ඇය ඒ වේදනාව විදාගන්නේ බොහෝ අපහසුවෙන්.. නමුත් වේදනාවට පුලුවන්ද ආදරය නැති කරන්න.. ඇය ඉවසයි.. බොහෝ ඉවසයි.. 
මහා වර්ෂාවක් ඇද හැලේ. පරිසරයම නිහඩයි. ගෙරුම් හඩ රෝහල දෙදරුම් කයි. ටික වෙලාවකින් තියටරය පැත්තෙන්...

"අනේ.... මහත්තයා..........................." මහා හඩින් කෑ ගසන හඩක් ඇසුනි. එය තිලකාගේ බව හදුනාගත් සිරිල්ගේ ගත දහදියෙන් පෙගුනි. එත් එක්කම කිරි කැටියෙකුගේ හැඩුම් හඩ ඒ දෙසින් ඇසුනි... සිරිල් ගේ මුවගට පුංචි සිනාවක් ගියේ නියතිනි. ඉක්මනින් තියටරය අසලට දුව ගිය ඔහුට ලැබුනේ සුළු පටු ත්‍යාගයක් නොවේ... මිසි පැමිණ පුංචි පුතු පැටියෙක් ගෙනවිත් ඔහු අත තැබිය. සුරතල් මුහුණ දුටු විට ඔහුට ලොවක් තමා අතට ලැබුනා සේ විය.

"සුදු හාමිනේ.... ඔයාට අමාරුයිද?" සිරිල් ඇසුවේ තිලකාගේ හිස අතගාමිනි.
"නෑ... මගේ මහත්තයා.... බලන්න පුතාගේ නහය ඔයා වගේමයි...."

එදායින් පසු ඔවුන්ගේ මුළු ලෝකයම වුනේ පුංචි පුතු.. ජිවිතේ සතුට සම්පත මේ හැමදේම වුනේ පුංචි පුතු.. වැටි වැටි ඇවිදිද්දී පුංචි දෑත් අල්ලාගෙන ඇවිද්දවන්න බයිසිකල් පද්දන්න හවසට තුන් දෙනාම එක්ක පන්සල් යන්න මොවුන් හරිම ආස කළා. 
කාලය ටිකෙන් ටික ගෙවුනා. පුංචි පුතාට හොද අධ්‍යාපනයක් ලබා දෙන්න සිරිල් තිලකා කැපවුණා. ඔවුන් හරි හම්බ කල හැම සතයක්ම වියදම් කළේ පුංචි පුතාගේ අනාගතය වෙනුවෙන්.. ඔවුන් රුපියල රුපියල එකතු කරමින් පුංචි පුතාට ලස්සන ගෙයක් හැදුවා. කාලය ගෙවී ගියේ ඉතා වේගෙයෙන්...
දැන් පුංචි පුතා ලොකු මිනිසෙක්.. ලස්සන ඉලන්දාරියෙක්.. ඔහු උපාදිය ගත් දිනයේ සිරිල් තිලකාට මුළු ලොවම ලැබුනා සේ දැනුනා.
ලොකු ඔෆිසියක් තමන්ගේ එකම පුතා ලොක්කෙක් උනාම මොන අම්මා තාත්තටද සතුටු නැත්තේ.. ඔවුන් හදවතින්ම ආඩම්බර වුණා.
කල වයස එලබුනාම පුංචි පුතාම සොයාගත්ත තරුණියට ඔහු විවහා කරදෙන්නත් සිරිල් තිලකා අමතක කළේ නෑ... කාලය කෙමෙන් ගෙවී ගියා.

"මගේ මහත්තයා...."   
කෑ ගැසුන හඩින් සැවොම දුව ආවා.අනේ පඩි පෙලේ කකුල පැටලිලා තිලකා බිම ඇද වැටිලා... බෙහෙත් කරත් වෛද්‍යවරු කිව්වේ තිලකාට ඇවිදින්නට නම් නොහැකි වෙයි කියලා. එදා සිට තිලකා රෝද පුටුවකට වැටුනා. බොහෝ මහලු වයසේ සිටි සිරිල්ට තිලකාගේ කටයුතු සියල්ල කිරීම බොහෝ අපහසු වුණා. ලේලියගෙන් උපකාරයක් පැතුවත් රැවිලි එරවිලි මුසුව ලැබුණු පුංචි උදව්වක් හැර වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බැරි වුණා.. 
ඒත් එක්කම ලේලියගෙන් පුතුට යන පැමිණිලි කන්දත් එන්න එන්නම වැඩි වුණා. මහන්සි වී ගෙදර එන මේ පුතා හරි වැරද්දක් නොබලා තමන්ගේ අම්මට තාත්තට දොස් කියා බිරිදගේ පැත්තට පමණක් හිස වැනුවා.
අසරණ අම්මයි තාත්තයි කදුළු බොමින් ජිවත් වුනේ.. පුතු සතුටින් නම් ඒ ඇති කියලා හිතලා..

දවසක් ලොකු මහත්වරු පැමිණි විනෝද වෙමින් සිටින අවස්තාවක තිලකාට හුලන් ටිකක් වැදෙන්නට සිරිල් රෝද පුටුවත් තල්ලු කරමින් ඇදෙන්නට වුණා. ගතේ වාරුවම යොදමින් වෙව්ලමින් රෝද පුටුව තල්ලු කල සිරිල් නොදැනම නෝනා කෙනෙක්ගේ ඇගේ හැප්පුනා..

"වට් ද හෙල්.." මහා හයියෙන් කෑ ගසමින් ඔහු සිරිල් දිහා බැලුවා.. 
"අනේ සමාවෙන්න නෝනේ""
"වට්... වට් නොන්සන්ස්... මිස්ට අපිට එන්න කිව්වේ වයසක මිනිස්සු ඉස්සරහ අපිට ලජ්ජා කරන්නද"
"අයිම් වෙරි සොරි මිසිස් පෙරේරා.. රියැලි සොරි....
මොනවද තාත්තේ මේ කළේ .. යන්න කාමරෙට.. මන් කියලා තියනවානේ මන් දන්නා අය ආවම එන්න එපා කියල ඉස්සරහට "
"සමාවෙන්න පුතේ.."
"සමාව... යනවාද දැන් කාමරෙට තවත් පව් නොදී.."

වෙව්ලන දෑත් වලින් රෝද පුටුවත් තල්ලු කරමින් සිරිල් කාමරයට ඇදුනා..
බලා සිටි පිරිසට මෙය හොද ඕපදුපයක් වුණා. 
එදා රෑ පුතයි ලේලියි මහා කාල ගෝට්ටියක්...

"මන් ඔයාට කිව්වනේ ඒ දෙන්නව මහලු මඩමකට ගිහින් දාන්න කියලා.. එදා ඕක ඇහුවනම් අද මෙහෙම ලැජ්ජාවක් වෙන් නෑනේ.."
"මගේ අම්මයි තාත්තයිනේ ඒ .. එකනේ ඉවසුවේ "
"අනේ ඔයාගේ මහලොකු අම්මා අප්පා .. මන් ඔයාට අන්තිම පාරටයි කියන්නේ ඒ දෙන්නව ගිහින් දාන්න මහලු මඩමකට. මට නම් බෑ පිට මිනිස්සු ඉස්සරහ අපහු ලැජ්ජා වෙන්න. ඔයා තීරණයක් ගත්තෙ නැත්නම් මායි දරුවයි යනවා මගේ අම්මලාගේ  ගෙදර එච්චරයි" ගස්සා දමා ඈ කාමරයට ගියා ...

අම්මගෙයි තාත්තාගෙයි කාමරයට පැමිනී පුතා..
"දැන් සතුටුයිද .." කියා පවසා වේගෙයෙන් දොරවසා යන්න ගියා..
එදා මුළු රෑම මේ අහිංසක අම්මයි තාත්තයි කදුළු බොමින් වැලපුනා.

පහුවදා උදේම ඔවුන් දෙදෙනාගේ බදු ටිකත් ඔවුන් දෙදෙනා සමගම වාහනයට දා ගත් මේ පුතා මහලු මඩමකට ඔවුන් බාර දුන්නා...
"අනේ මගේ පුතේ උබ නොදක ඉන්න බෑ මගේ රත්තරනේ... අපිව එක්ක යන්න ආපහු ..."
පුතුගේ දෑත බදන් තිලකා හඩන්නට උනා. සිරිල්ගේ පිරිමි හිත මේ දුක වාවගත්තේ හරිම අමාරුවෙන්..
තම අම්මාගේ දෑත ගසා දමා වාහනයට නැගී පුතා වේගෙයෙන් ඈතට ගියා. පුතු නොපෙනී යනතුරුම පාර දෙස බලන් හුන් මේ දේපල බොහොම අමාරුවෙන් හඩ මින් මඩමේ බුදු කුටිය වෙත ඇදුනා./
"කමක් නෑ පුතේ අපි මැරුණත් කමක් නෑ උබ සතුටින් නම් අපිට ඒ ඇති" යැයි සිතමින් ඔවුන් කදුළු කැට පිසදා දැම්මා... 
"අපේ හුස්ම පොද පිටව ගියත් 
නුබ සතුටින් නම් අප තරහා නැතේ"



දුක පිරුණු නෙත් අගට කදුලක් එන්නේ 
නුබ හැදුවේ මා ඇස්දෙක වැන්නේ
නුබ වැදපු මා අද දුක් විදින්නේ
වැඩිහිටි නිවාසේ අපි තනි වේලානේ

නුබ අප අතරට ආ දවසේ
අප සිටියේ ලොව දිනුවා සේ
නුබ ලොකු උගතෙක් වුන දා
මා සිතුවේ මට මුළු ලොව ලැබුනා කියා

නුබ වදපු මා...

පැලැන්තියට නොගැලපෙයි කියා
අප දෙදෙනා මෙහි දමා ගියා
අපේ හුස්ම පොද පිටව ගියත්
නුබ සතුටින් නම් අප තරහා නැතේ

නුබ වැදපු මා.....

ශෂිකා නිසංසලා මහත්මිය හා කොල්වින් වනිගසේකර ගයන දුක පිරුණු නෙත අගට ගීතය ඇසුරිනි...

0 comments:

Post a Comment

Copyright © 2016 ස්වර්ණමා All Right Reserved