Must Read

Tuesday, April 12, 2016

Cooking Tricks

රෙසිපිම හැම වෙලේම හොයන නැතිව අද හිතුනා කුකින් ට්‍රික්ස් ටිකක් හොයලා බලන්න. ඉතින් යාලුවනේ මේවා ඔයලාටත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුන නිසා ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා.

ඔන්න පලවෙනි ඒක.. මේ දවස් වල හෝ ගාලා කෑම වර්ග හදනවානේ. ඉතින් සමහර කෑම වලට බිත්තර සුදු මදේ විතරයි . තව එව්වට බිත්තර කහ මදේ විතරයි දාන්න ඕනේ. ඉතින් ඔය දෙක වෙන් කරගන්න ලොකු ගේමක් දෙන්න වෙනවා. ඔන්න ලේසි ක්‍රමයක් . මුලින්ම බිත්තරේම පොඩි කප් එකකට දා ගන්න ඕනේ. ඊට පස්සේ රුපයේ තියන විදියට පරිස්සමට කහමදේ සුදු මදෙන්  වෙන් කරගන්න පුළුවන්.



මේ දවස් වල ඉතින් අවුරුදු කෑම වෙල් එහෙම හරියට දෙනවනේ.. කොහොම උනත් ඕනෙම කෑම වේලකට cucumber කියන්නේ නැතිවම බැරි ආහාරයක්. (සමාවෙන්න ඕනේ එන්ගිරිසියෙන් ඒක ටයිප් කරාට.. ටයිප් කරගන්න තේරෙන් නෑ ඒක එකයි එහෙම කරේ.. :D) කොහොම හරි ඒවා හදනකොට ඇට ටික අපි අයින් කරගන්නවා..මේ ඒ වැඩේට ලේසි ක්‍රමයක්..


මේ දවස් වල කේක් හරියට හදනාවානේ ඉතින්.. කැවුම් කොකිස් නැතත් කොයි ගෙදරත් කේක් එකක් හදනවා අවුරුද්දට.. කේක් එක හදලා සමහර අය අයිසින් කරන්නත් හරි කැමතියි.. හැබැයි ඉතින් කේක් ඒක ලේයර් දෙකක් කරගන්න දෙන්න ඕනේ මාර ගේමක්.. කොහොම කපාගන්න හැදුවත් සමහර වෙලාවට ඇද වෙනවා . එතකොට ඉතින් මකබාස් කෙනෙක් හදපු කේක් එකක් වගේ.. මෙන්න ඒ වැඩේට ලේසිම ක්‍රමය. ලස්සනට ලේයර් දෙක වෙන් කරගන්න පුළුවන්. මුලින්ම කේක් ඒක වටේටම අවශ්‍ය උසට ටුත් පික් ගහගන්න ඕනේ. මොකද එතකොට උස වෙනස් වෙන් නෑනේ. ඊට පස්සේ ඒ වටේට රූපයේ විදියට නුලක් යවල ඒක රූපයේ තියන ආකාරයට කලාම ලස්සනට වැඩේ කරගන්න පුළුවන්.


පැණි වළලු ජෙලබි වගේ ආහාර හදද්දී අම්මේ ඉතින් ඕක රවුමට හදාගන්න විදින දුකක්.. පළපුරුදු කෙනෙක්ටනම් ඕක වැඩක් නෙමේ.. එත් අවුරුද්දට ඒක සැරයක් විතර ඔය කෑම හදන අයටනම් ලොකු වැඩක් ඒක.. හරිම ලේසි දැන්නම් ඔය වැඩේ. ඕනෙම ප්ලාස්ටික් බදු තියන කඩේක තියනවා කෑම කඩවල් වල සෝස් දාන බෝතල්. අන්න ඒකකට මිශ්‍රනේ දාගෙන මිරිකුවාම ලස්සනට පැණි වළලු ජෙලබි වල රවුම ගන්න පුළුවන්. 



මේකනම් දන්නවත් ඇති... සුදු ළුණු කපලා ව්‍යංජන වලට එක් කරගන්නවාට වඩා තලලා එක් කරගන්නවා නම් ආහාරයේ රසය වැඩිවෙනවා. කරලා නැත්නම් පොඩි ටෙස්ට් එකක් කරලා බලන්න.


අවුරුදු දවස් වල ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඒක සැරේ 10 ය 12 ගෙවල් වලට එනවා. ඒ වගේම ඒක සැරේ ලොකු පිරිසකට කෑම දෙන්නත් වෙනවා. අන්න ඒ වගේ වෙලාවකට බිත්තර ගොඩක් සුද්ද කරගන්න ලොකු වෙලාවක් යනවා. මේ තියෙන්නේ ලේසි ක්‍රමයක්. බිත්තර ඔක්කොම ටික ඇලුමිනියම් බාජනෙකට දාගෙන ඒ ටික ටිකක් හෙල්ලුවානම් හරි. එතකොට මේ රූපයේ විදිඅට කටු ටික නිකන්ම ගැලවිලා එනවා. ඊට පස්සේ සෝදා ගත්තානම් බිත්තර ටික වඩේ සම්පුර්ණයි.


තම්බාපු අල සුද්ද කරගැනීමට ලේසි ක්‍රමයක්.


අතුරුපස කෑමක් දෙද්දී අනිවාර්යෙන්ම දෙන දෙයක්. කෑම මෙසේ ලස්සන වෙන්නත් එක්ක මේ වගේ වැඩක් කරලා බලන්න. ඇහැටත් ප්‍රිය උපදවන දෙයක් නිසා කවුරුත් කැමති වෙයි.


බිත්තර ටික ලස්සනට බැද ගන්න ඕනෙනම් කප් කේක් හදන ට්‍රේකකට රූපයේ පරිදි බිත්තර ටික දාගෙන මයික්‍රෝ වෙව් අවන් එකට දාලා පිසගත්තා නම් හරි..



බිත්තර වෙන් කරගන්න ආකාරය හා තවත් ට්‍රික්ස් දෙකක් මෙහි ඇතුලත් (අන්තර්ජාලයෙන් ලබා ගත්තේ)


video

ප්‍රයෝජනවත් යමක් මේ තුල තිබුනා කියලා හිතනවා. එහෙනම් ඊලග ලිපියෙන් හමුවෙමු...



0 comments:

Post a Comment

Copyright © 2016 ස්වර්ණමා All Right Reserved