Must Read

Tuesday, March 29, 2016

බේබද්දා

ගෙදර ගෑණි හමබකරන
තුට්ටු දෙකත් උස්සාගෙන
මේ බේබදු මහත්තයා
ගියා රේස් කොළ අදින්න

පරාද වෙලා තුට්ටු දෙකත්
කසිප්පු තිප්පොළට ගිහින් 
ණයවෙලා රුපියල් සීයක්
බෝතල් බාගයක් ගත්තා

බෝතල් බාගෙම බීලා
තව සීයක් ණය වීලා
ගත්තා තව බාගයක්ම
බිව්වා බිව්වා ඇති වෙනකම්

රෑ එකොළහ පහුත් වෙලා
ගෙදර යන්න ලෑස්ති වෙලා
හතරගාතේ පැද්දි පැද්දි 
බේබද්දා මග යනවා

පාර අයිනේ ගහක් දැකලා 
ගෙදරය මේ රැවටීලා
ගෙදර ගෑණී කියා සිතා
ගහටත් දෙක තුනක් ඇන්නා

ගහ අයිනෙම දෙකට නැවිලා
හතරගාතේ පත බෑවිලා
මහ හයියෙන් ගොරොව ගොරව
බේබද්දා නිදියනවා

සිහියක් නෑ බේබද්දට
සරම් කොටය දණහිස් ලග
හූ කියනවා කෙල්ලෝ කොල්ලෝ
ගානක් නෑ මේ මිනිහට

එක කොල්ලෙක් දුව ගිහිල්ලා
මිනිහගේ අඹු එක්ක විල්ලා
රෙද්ද උස්සා දුවගෙන එන
ගෑණිට මළ යකා නැගලා

අනේ හපොයි මේ මිනිහා
විළිලැජ්ජයි දකිනු මෙලසා
කුණුහරුපෙන් දෙකක් කියලා
ගැණී ඇදන් යනවා මිනිහා

ගෙදර ගිහින් වැල් ඇදඋඩ 
පතබෑවුන බේ බද්දා
ගෑණිගේ කෑගැහිලි අහන්
ආයිත් ගොරවනවා මිනිහා

ලැජ්ජා නැද්ද මේ මිනිහට
දීග වයසේ කෙල්ලෝ ඉද්දි
පොඩි එවුන්ගේ බඩගෙඩි ටික
පොත්ත ගැහිලා ගානක් නෑ

ලෝකෙ පෙරලුනත් ගානක් 
ඇත්තේ නෑ බේ බද්දට
බීලා බීලා මැරිලා පල
සාප දෙනවා උගේ අඹුවද

නහර වැලුත් ඉලිප්පලා
අකලට ගෑණීත් මැලවිලා
ඒ ගෑණිත් කරුම කරලා
ලැබුමට මේ බේ බද්දා






0 comments:

Post a Comment

Copyright © 2016 ස්වර්ණමා All Right Reserved